Language Switcher

Ad

Ad 01

V2025

2017 වසරේ ශ්‍රම බලකායේ වර්ධනයක් !

2016 වසරට සාපේක්ෂව පසුගිය 2017 වසරේ මෙරට ශ්‍රම බලකාය  සියයට 3.1කින් වර්ධනය වූ බව  ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

පසුගියදා නිකුත් කළ මහ බැංකු වාර්තාවේ මේ බව දැක්වෙන අතර  වයස අවුරුදු 15ට වැඩි ආර්ථික වශයෙන් සක්‍රිය ජනගහණය ලෙස අර්ථ දැක්වෙන ශ්‍රම බලකාය 2016 වසරේදී මිලියන 8.31ක් වූ අතර, 2017 වසරේදී මිලියන 8.56 දක්වා වර්ධනය වී ඇති බවද එහි දැක්වෙයි.

එසේම ඊට අනුව ශ්‍රම බලකායේ වර්ධනයත් සමඟ මෙරට සේවා නියුක්ති ජනගහණය ද සියයට 3.3කින් වර්ධනය වී ඇති අතර, සේවා වියුක්තිය පහත වැටී ඇත.