Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

ජපානයේ ඉහළම පෙළේ සමාගමක් ලංකාවේ වැඩ අරඹන්න සුදානම් !

ජපානයේ ඉහළම පෙළේ ව්‍යාපාරික සමාගමක් වන Future science research incorporation ආයතනයේ සභාපති අකිහිකෝ මත්සුමුරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැමිණි ජපන් දූත පිරිසක් පසුගිය 01 වනදා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හමුවී තාක්ෂණයෙන් ඉහළ පරිසර හිතකාමී විද්‍යුත් ත්‍රිරෝද රථ නිෂ්පාදන සමාගමක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි. 

මෙම දූත පිරිස සමග ජපානයේ අග්‍රාමාත්‍යතුමාගේ උපදේශක, ජපානයේ අමාත්‍ය මණ්ඩලයේ විශේෂ උපදේශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා පක්ෂ නායකයෙකු වන අරඉ නිරොයුකි ,ජපානයේ අග්‍රාමාත්‍ය සුපිරි උපදේශක කුතියෝ කුබෝටා  සහ ජපානයේ අග්‍රාමාත්‍යතුමාගේ පුද්ගලික ලේකම් හිරෝෂි ලිසුකා ද පැමිණි බව අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

1MAY