Language Switcher

V2025

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා හී අරමුණ මංගල මැනිලා නුවරදී හෙළිකරයි

ශ්‍රී ලාංකිකයන් සතුව පවතින සහජ ව්‍යවසායකත්ව හැකියා දියුණු කොට ව්‍යවසායකත්ව පාරාදීසයක් ගොඩනැගීමේ අරමුණින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ ජාතික වැඩපිළිවෙළ හඳුන්වා දුන් බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර අන්දහන් කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වුණු ආසියානු සංවර්ධණ බැංකුවේ 51 වැනි වාර්ෂික සමුළුව අමතමින්ය.

රජය 2018 අයවැයෙන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික වැඩපිළිවෙල හඳුන්වාදීමට සමගාමීව අලුත් ව්‍යවසායක පරපුරක් බිහි කිරීමට මුල්‍ය යෝජනා ක්‍රම ගණනාවක් හඳුන්වාදුන් බවත්  ඒ යටතේ රටපුරා විසිරුණු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක පරපුරක් බිහි කිරීමට මෙන්ම කාන්තාවන්ට, සුවිශේෂී බලගැන්වීම් ලබාදීමට යෝජනා කර ඇති බවද අමාත්‍යවරයා එහිදී පෙන්වාදී ඇත.

එසේම ලංකාව වඩා වේගවත් ආර්ථික හා සාමාජයික වර්ධනයක් අපේක්ෂා කරන රටක් ලෙස රටේ ජනතාවට නව රැකියා, නව ආදායම් උත්පාදන මාර්ග සලසාදීමට කටයුතු කරන බවත්  එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ හරහා ඒ වෙනුවෙන් විශාල දායකත්වයක් සැපයෙන බවද සඳහන් කර ඇත.

තවද  2017 වසරේ   ඩොලර් බිලියන 1.9ක්  ලෙස ලංකා ඉතිහාසයේ වැඩිම සෘජු විදේශ ආයෝජන ලබාගන්නට හැකිවීම විශාල ජයග්‍රහණයක් බව සඳහන් කර ඇති අමාත්‍යවරයා තවදුරටත් එම තත්ත්වය වර්ධනය කරමින් ආර්ථිකය ශක්තිමත් කිරීමට ඇතැම් ආර්ථික ක්ෂේත්‍ර සහ නීති රීති ප්‍රතිසංස්කරණය කරන්නට කටයුතු කළ බවත් එම කටයුතුද මේ වන විට සාර්ථකවී ඇති බවද පෙන්වාදී ඇත.

එමෙන්ම  රාජ්‍ය ණය කළමනාකරණය ඉතාම වැදගත් කටයුත්තක් ලෙස සලකා තම රජය ක්‍රියා කරන බවත් ඒ වෙනුවෙන් සාර්ථක පියවර ගනිමින් සිටින මේ පසුබිමේ ආසියානු සංවර්ධන බැංකුවේ වැඩිදුර  දිරිගැන්වීම්  අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

ආසියානු සංවර්ධන බැංකුව ලංකාවේ  දිගුකාලීන මිත්‍රශීලී සංවර්ධන පාර්ශ්වකරුවෙක් වන බවත්  එමඟින් අපේ රටේ සමාජ, ආර්ථික, යටිතල පහසුකම් සංවර්ධනයට, මානව සම්පත් සංවර්ධනයට ලබාදී ඇති අති මහත්වූ  දායකත්වයට ස්තුති කරන අතර එම  මිත්‍රශීලීභාවය අඛණ්ඩව පවත්වා ගන්නා බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත.

PIC 02