Language Switcher

V2025

ග්‍රාම ශක්ති මල් සංගමය සහ හේලීස් සමාගම අතර ගිවිසුමක්

ඌව පළාත් ග්‍රාමශක්ති මල් සංගමය සහ හේලීස් පෞද්ගලික සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද (21) සිදුවිය. 

මල් වගාකරුවන්ට ගැටලූවක්ව පැවති ස්ථාවර මිලක් සහ නව වෙළෙදපොළක් සොයා ගැනීමට මෙම ගිවිසුම මගින් හේලීස් සමාගම ඉදිරිපත්ව ඇත.

ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ ඌව පළාත් ප්‍රගති සමාලෝචන රැස්වීම අද (21) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු අතර එහිදි ජනාධිපතිතුමා ඉදිරියේ මෙම ගිවිසුමට අත්සන් තැබිණි.

දේශීය හා විදේශීය වෙළෙඳපොල අරමුණු කරගෙන සීමා සහිත හේලීස් ආයතයේ  දායත්වයෙන් බදුල්ල දිස්ති‍්‍රක්කයේ වැලිමඩ, ඌව පරණගම හා හපුතලේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල මෙම විසිතුරු මල්  වගා කිරීමේ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක වන අතර බදුල්ල සහ මොණරාගල දිස්ති‍්‍රක්ක සඳහා  ග‍්‍රාමශක්තී ව්‍යාපාරය වෙනුවෙන් රජය ලබාදෙන මුදල්වල පළමු වාරිකය ප‍්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු වූ බවත් ඒ  අනුව බදුල්ල දිස්ති‍්‍රක්කය සඳහා  රුපියල් මිලියන 22.5 ක් ද මොණාරගල දිස්ති‍්‍රක්ක සඳහා රුපියල් මිලියන 16.5 ක් ලබාදීම සිදු කෙරුණු බවද එම නිවේදනයේ සඳහන්ව ඇත.

2020 දී ගම් 5000ක් සංවර්ධනය කරන වැඩක් ! qqqq2

එසේම 2020 වන විට ගම් 5,000 ක් සංවර්ධනය කෙරෙන සහ දිළිඳුකම  පිටුදැකීමේ ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය යථාර්තයක් කරගැනීමසඳහා  දේශපාලන බේදයෙන් තොරව එක්වන්නැයි ජනාධිපතිවරයා සියළු පාර්ශවයන්  වෙත විවෘත ආරාධනයක් කර ඇති අතර ඒ අද පෙරවරුවේ  බදුල්ල පුස්තකාල ශ‍්‍රවණාගාරයේ පැවති  ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ ඌව පළාත් ප‍්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින්ය.

අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, හරින් ප‍්‍රනාන්දු, ඇතුළු පක්ෂ විපක්ෂ පළාත් සහ ප‍්‍රාදේශීය සභා මහජන නියෝජිතයින් ද, පළාතේ රාජ්‍ය නිලධාරින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඌව පළාත තුළ ග‍්‍රාමශක්ති ව්‍යාපාරය කි‍්‍රයාත්මක වන අන්දම සහ  එහි ප‍්‍රගතිය ද  මෙහිදී සමාලෝචනයක්ද සිදුව ඇති අතර දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් යන දෙපාර්ශවයම මෙම අවස්ථාවට එක්ව ඇත.

ඌව පළාතේ ජනතාව මුහුණදී සිටින ගැටලූ පිළිබඳවද  මෙහිදී  අවධානය යොමුකර ඇති අතර ඇතැම් ගැටලූවලට ලබාදිය හැකි කඩිනම් විසඳුම් සම්බන්ධවද ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් දුන් බව එම නිවේදනයේ සඳහන්ව ඇත.

බදුල්ල දිස්ති‍්‍රක්කයේ වැලිමඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොස්කණුවෙල ග‍්‍රාමනිලධාරි වසම තුළ වසා දමා ඇති බෑග් කර්මාන්ත ශාලාව ග‍්‍රාමශක්ති ජනතා ව්‍යපාරය යටතේ කඩිනමින් ආරම්භ කර කි‍්‍රයාත්මක කිරීමට,  මොණරාගල දිස්ති‍්‍රක්කයේ කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා  අවශ්‍ය වැඩපිළිවෙළ පිළිබඳව ද ජනාධිපතිතුමා රාජ්‍ය නිලධාරින්ගේ විශේෂ අවධානය යොමු කරවන්නටද කටයුතු කර ඇත.

වැස්සෙන් වැඩ ගන්න සූදානම් වෙන්න 

එසේම මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීම සඳහා  අවශ්‍ය සියලූ පියවර ගැනීමට ද ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දී ඇති අතර පැවති නියං තත්වය පහව ගොස් වසර 05 කට පසුව ප‍්‍රමාණවත් වැසි තත්ත්වයක් රටට  ලැබී තිබෙන අතර එම ජලය කළමනාකරණය කර ගනිමින් ඉදිරි කෘෂිකර්ම කටයුතු සාර්ථක කර ගැනීමේ වදැගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දී ඇත.

අප රටට ඉහළ ආර්ථික සංවර්ධනයක් කරා ගමන් කළ හැක්කේ කෘෂි ආර්ථිකය පදනම් කරගත් ආර්ථික රටාවක් තුළින් වන අතර, එහි ප‍්‍රමුඛ වැඩකොටසක් ඉටුකිරීම වෙනුවෙන් ආරම්භ කළ ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය සාර්ථක කර ගනිමින් සශ‍්‍රීක රටක් ගොඩනැගීම සඳහා  දේශපාලන පක්ෂ බේදයකින් තොරව වගකීම් ඉටුකිරීමට කැපවන්නැයි ද මෙහිදී ජනාධිපතිතුමා සියලූ ප‍්‍රාදේශීය දේශපාලනඥයින්ගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.