Language Switcher

V2025

සහන සේවා සඳහා අවශ්‍ය තරම් මුදල් නිකුත් කරන්න : භාණ්ඩාගාරයට උපදෙස්

මේ දිනවල පවත්නා අධික වර්ෂාව හා ඒ හේතුවෙන් ඇතිවූ ජල ගැල්මෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමට හැකිවන පරිදි අවශ්‍ය තරම් මුදල් වහා ලබාදෙන්නැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් වෙත අද (22) උපදෙස් නිකුත් කර ඇත.

අයහපත් කාලගුණය හේතුවෙන්  දිස්ත්‍රික්ක 11 ක පවුල් 3,438 කට අයත් 13,314 දෙනෙකුට අධික පිරිසක් ආපදාවට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිවේදනය කර ඇත.

මේ අනුව මෙම ස්වභාවික ආපදාවෙන් විපතට පත්වූ ජනතාවට දිස්ත්‍රික් මට්ටමින් සහන ලබාදීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා දිසාපතිවරුන්ගෙන් ලැබෙන ඉල්ලීම් පරිදි අදාළ  අංශ වෙත වහාම මුදල් නිකුත් කිරීමට කටයුතු කර ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා පවසයි.