Language Switcher

V2025

ආණ්ඩු මාරු වුනත් චීන ණය මාරු නොවෙයි : වසර 12 ට රු.බිලියන 1029 ක් අරගෙන !

වසර 2005 සහ 2017 අතර කාලයේදී චීනයෙන් ශී‍්‍ර ලංකාව ලබාගත් සමස්ත ණය ප‍්‍රමාණය රු. බිලියන 1,029ක් වන බව අනාවරණය වී ඇත.

ඒ බව තොරතුරු ලබා ගැනීමේ පනත යටතේ මුදල් අමාත්‍යංශයට ඉල්ලුම් කොට අදාළ විස්තර ලබාගත් බව sundaytimes.lk වාර්තා කර ඇත.

ඊට  අනුව, මහාමාර්ග, විදුලි බලාගාර, ජල සම්පාදන සහ පල්දෝරු පද්ධති ඉදි කිරීම සඳහා මෙම මුදල් ලබාගෙන ඇත්තේ China Development Bank Corporation හා Export-Import Bank of China යන ආයතන වලිනි.

ඉන් රුපියල් බිලියන 188කට අධික මුදලක් හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතියට ලබාගෙන ඇති අතර, පුත්තලම ගල්අගුරු බලාගාර ව්‍යාපෘතියට රු. බිලියන 72කට වැඩි මුදලක් ලබාගෙන ඇත.

මොරගහකන්ද (රුපියල් බිලියන 28.69), දුම්රිය පෙට්ටි මිල දී ගැනීමට (රුපියල් බිලියන 3), බහුකාර්ය ඩීසල් පද්ධති 15ක් මිල දී ගැනීමට (රුපියල් බිලියන 4.9), හම්බන්තොට තෙල් ටැංකි ව්‍යාපෘතියට (රුපියල් බිලියන 7.4), මත්තල ගුවන් තොටුපලට (රුපියල් බිලියන 21.7), එම්.ඒ. 60 ගුවන් යානා ව්‍යාපෘතියට (රුපියල් බිලියන 4.63) සහ ඌව පළාත් විදුලි සැපයුම් ව්‍යාපෘතියට අවශ්‍ය මිල දී ගැනීම් සඳහා (රුපියල් බිලියන 3.8) ලෙසින් ද ණය ලබාගෙන ඇත.