Language Switcher

V2025

බදු ගෙවන්නන්ට විශේෂ සේවාවක් !

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන්ට උපදෙස් ලබාදීම සඳහා සේවාවන් ආරම්භකර තිබෙන බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් අයිවන් දිසානායක පවසයි. මේ හරහා බදු ගෙවන්නන්ට සිය පෞද්ගලික බදු ගැටළු සම්බන්ධයෙන් උපදෙස් ලබාගත හැකි අතර ඒ සඳහා විශේෂඥ දැනුමක් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරී මණ්ඩලයක්  පත්කර සිටන බවත්  ඒ සඳහා රුපියල් 25000ක මුදලක් අය කෙරෙන බවද  පවසා සිටියි. 

කෙසේ වුවත්  දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙලෙස මුදල් අයකරනු ලබන්නේ බදු ගෙවන්නෙකුගේ පෞද්ගලික බදු ගැටළු සම්බන්ධයෙන් උපදෙස් ලබාදීමට වන අතර පොදුවේ බදු නීති හා ගැටළු සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව නොමිලයේ තොරතුරු සපයන බවද  ඔහු සඳහන් කර ඇත.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත යටතේ මෙම සේවාව ආරම්භ කර ඇති අතර විදෙස් රටවලද ක්‍රියාත්මක වන මෙම සේවාව  එම ගුණාත්මක භාවයෙන් යුතුව සැපයීමට සියළු කටයුතු යොදා ඇත. බදුගෙවන්නන්ට මෙම විශේෂඥ සේවාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලබා ගැනීම වාසිදායක වන අතර පිටතින් එම සේවාව ලබාගැනීමේදී විශාල මුදලක් වැය කිරීමට සිදුවන බවද ඔහු පෙන්වාදී ඇත. කොමසාරිස් ජනරාල්වරයා කීය.