Language Switcher

V2025

රාජ්‍ය ණය ගැන කබ්රාල්ගේ බොරු විග්‍රහයට : කන පාත්වෙන උත්තරයක් !

දළ දේශීය නිෂ්පාදිතයේ සහ රජයේ ණය හා දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතයේ අගයන් එකිනෙක සැසඳීමේ දී යම් අසමානතාවයක් දැකිය හැකි බවට මහ  බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ්  කබ්රාල්  2017 වසර සඳහා භාණ්ඩාගාරය විසින් ප‍්‍රසිද්ධියට පත්කර තිබෙන රජයේ මුල්‍ය ප‍්‍රකාශය පදනම් කරගනිමින් විකෘති කරන ලද විග‍්‍රහයක් ඉදිරිපත් කිරීමට  උත්සාහ ගෙන ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.දළ දේශීය නිෂ්පාදිතයේ සහ රජයේ ණය හා දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතයේ අගයන් එකිනෙක සැසඳීමේ දී යම් අසමානතාවයක් දැකිය හැකි බවට මහ  බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ්  කබ්රාල්  2017 වසර සඳහා භාණ්ඩාගාරය විසින් ප‍්‍රසිද්ධියට පත්කර තිබෙන රජයේ මුල්‍ය ප‍්‍රකාශය පදනම් කරගනිමින් විකෘති කරන ලද විග‍්‍රහයක් ඉදිරිපත් කිරීමට  උත්සාහ ගෙන ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය මේ බව සඳහන් කරන අතර  2017 වසර සදහා අදාළ වන්නේ යැයි  අජිත් නිවාර්ඩ් කබ්රාල් විසින් දක්වනු ලැබූ    ණය හා දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතයන් තුනක් සම්බන්ධව එහිදී අවධානය යොමුකර ඇත.

කබ්රාල්ගේ වාර්තාවේ සඳහන්ව තිබූ ණය සහ දළ දේශීය නිෂ්පාදිතය අතර එකිනෙකට වෙනස් අනුපාතයන් අමාත්‍යංශ නිවේදනය මෙසේ උපුටා දක්වා ඇත.
Treasury 1ඒ අනුව සිදුකර ඇති අමාත්‍යංශ පැහැදිළි කිරීම මෙසේය.

ඉහත  එක් අවස්ථාවක දී රුපියල් බිලියන 12,967 ක දළ දේශීය නිෂ්පාදිතයේ අගයක් කබ්රාල්  හඳුන්වා දී තිබෙන්නේ එහි නිල අගය රුපියල් බිලියන 13,289 ක් වන වන බවට වූ ප්‍රකාශයට එරෙහිවය. 

තවද ඉහත වගුවේ දැක්වෙන ආකාරයට 2017 වසර සඳහා ප‍්‍රකාශිත නිල ණය හා දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතය සියයට 77.6 කි. එහෙත් අජිත් නිවාඞ් කබ්රාල් මහතා, ඔහු පමණක් දන්නා කරුණු හුවාදක්වමින් විකෘති ගණනයක් ,එනම් එම අනුපාතය සියයට 82.5 ක් ලෙස ඉදිරිපත් කිරීමට උත්සහ දරා ඇත.                    
2010 - 2013 අතර කාලයේ එවකට මුදල අමාත්‍යවරයා ගේ යෝජනාවන් අනුව අමාත්‍ය මණ්ඩලය විසින්  ගත් තීරණ ප‍්‍රකාරව, ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායයන් කිහිපයක් විසින් ගනු ලැබූ ණය, රජයේ මුල්‍ය ප‍්‍රකාශයන්ට ඇතුළත් කිරීමක් සිදු නොවිය . ඒ අනුව, පැවැති රජය, පුත්තලම ගල් අගුරු බලාගාරය, හම්බන්තොට වරාය ව්‍යාපෘතිය, මත්තල ගුවන්තොටුපල යනා දී ව්‍යාපෘතීන් සඳහා ගෙවීමට ඉතිරිව තිබූ ණය ප‍්‍රමාණයන් මධ්‍යම රජයේ මුල්‍ය ප‍්‍රකාශනයන්ගෙන් ඉවත් කර පිළිවෙලින් ලංකා විදුලි බල මණ්ඩලයට, ශී‍්‍ර ලංකා වරාය අධිකාරියට හා ගුවන්තොටුපල සහ ගුවන්සේවා අධිකාරියට පැවරුවේ ය. 

එදා රජයේ වැරදි නිගමනයක් 

එසේ කළේ මෙම ණය අදාළ රාජ්‍ය ව්‍යවසායයන් හරහා නැවත ගෙවිය හැකිය යන වැරදි නිගමනය මත පිහිටාය. රජය ගත් මෙම තීරණය හමුවේ එදා මහ බැංකු අධිපතිවරයා ලෙස හිස නමාගෙන සිටි කබ්රාල් මහතා අද, රාජ්‍ය ව්‍යවසායයන් මත පවතින ණය, රජයේ මුල්‍ය ප‍්‍රකාශයන්ට ඇතුළත් නොකිරීමට ගැනුනු ප‍්‍රතිපත්තිමය තීරණය ගෙන හැර දක්වමින්, ණය හා දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතය විකෘත කර පෙන්වීමට උත්සාහ කිරීම ඇත්තෙන්ම කණගාටුවට කරුණකි. 

මෙම තීරණය ගැනුනේ පැවැති රජය යටතේ වන අතර, එවක ණය කලමණාකරන කි‍්‍රයාවලිය අරබයා ඔහු ද එම රජයේ ප‍්‍රධාන පාර්ශවකරුවකු විය.   
කිසිම ණයක් වර්තමානයේ සඟවා නැත           

මහා භාණ්ඩාගාරයට,ණය හා දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතය සම්බන්ධයෙන් හෝ 2018 - 2019 වකවානුවෙහි දී ගෙවීමට නියමිතව තිබෙන අති විශාල ණය බර සම්බන්ධයෙන් කිසිවක් සැඟවීමට නැත. 2019 වසරේ දී රජය ඉතිහාසයේ මෙතෙක් වාර්තාවී තිබෙන ඉහළම ණය ප‍්‍රමාණය වන,රුපියල් ටි‍්‍රලියන 2.4ක පමණ මුදලක්, ගෙවීමට සිදුව ඇති අතර එම මුදලින් 77 % ප‍්‍රමාණයක් 2015 වසරට පෙර ලබාගත්,අදට කල්පිරෙන ණය මුදල්වලට සිදුකළ යුතු වන ගෙවීම් වේ.
තමන්ගේම නිගමනයන් මත දළ දේශීය නිෂ්පාදිතයේ ඇස්තමේන්තුගත අගයන් වෙනස්කරෙ,අනතුරුව ණය සහ දළ දේශීය නිෂ්පාදිතය අතර වෙනස්ම අගයක් ඉදිරිපත් කිරීමට මහ බැංකුවේ හිටපු අධිපතිවරයෙකු වූ අජිත් නිවර්ඩ් කබ්‍රාල් මහතා කටයුතු කර තිබීම පිළිබඳව කිසිදු වැදගත්කමක් මහා භාණ්ඩාගාරයට නොමැත. මන්ද,දළ දේශීය නිෂ්පාදිතය සහ රජයේ සංඛ්‍යාලේඛණ අතර සන්සන්දනාත්මක අනුපාතයන් සකස් කිරීම සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරය විශ්වාසය තබා තිබෙන්නේ දළ දේශීය නිෂ්පාදිතය ගණනය කිරීමේ ස්වාධීන අධිකාරියක්,වඩාත් පැහැදිලිව කියතොත්, ජන සංගණන සහ සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව මත බැවින්ය. ඒ අනුව සැළකීමේ දී ඔහුගේ වාර්තාවෙන් දක්වා තිබෙන ණය හා දළ දේශීය නිෂ්පාදිතය අතර අගය,කල්පිතයකට වඩා වැඩි යමක් නොවන අතර, එනිසාවෙන්ම මෙම අගය සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරය අදහස් දැක්වීමට අවශ්‍ය නැත.

නමුත් 2017 වසරාවසානය වන විට රජයේ ප‍්‍රකාශිත නිල ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 10,313ක් වීමේ දී විගණකාධිපතිවරයාගේ ගණනය කිරීම්වලට අනුව එම අගය රුපියල් බිලියන 10,702ක් වීමත්,එම වෙනස හමුවේ 2007 වසරාවසානයේ සියයට 77.6ක්ව තිබූ ණය සහ දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතය සියයට 81.0ක් දක්වා ඉහළ යෑමත් සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරය මෙසේ පැහැදිළි කරයි. මෙවන් වෙනසක් සිදුව ඇත්තේ ඇතැම් ණය ගෙවීම් සම්බන්ධයෙන් වන පැහැදිලි කිරීම් රජයේ ගිණුම්වල සහ විගණකාධිපතිවරයාගේ වාර්තාවේ එකිනෙකට වෙනස් ආකාරයෙන් දක්වා තිබීම නිසා බව අවධාරණය කළ යුතුය. එවන් වෙනස්කම් පහත පැහැදිලි කර ඇත.

2010-2013 අතර කාලයේ ගැනුනු කැබිනට් තීරණ කිහිපයකට අනුව, ණය ගිවිසුම් 8කට අදාළව, එම ණය නැවත ගෙවීමේ වගකීම් මධ්‍යම රජයෙන්, රජය සතු අදාළ ව්‍යවසායයන් ට පවරා තිබීම, ඉහත සඳහන් කළ ණය පැහැදිලි කිරීම් බහුතරයක් එකිනෙකට වෙනස්වීමට ප‍්‍රධානතම හේතුව වේ. 
2017 වසරේ රජයේ ගිණුම් සම්බන්ධයෙන් වන විගණකාධිපතිවරයාගේ වාර්තාවට අනුව,

කොන්ත‍්‍රාත් ගිවිසුම් යටතේ රජය එළැඹ තිබූ ණය ගිවිසුම් 8 කට අදාළව"2017 දෙසැම්බර් මස 31 වැනිදා වන විට පැවැති රුපියල් මිලියන 330,221ක මුළු ණය මුදල"මෙම මුල්‍ය වාර්තාවලට එකතු කර නොමැත. (විගනාකාධිපති  වාර්තාවේ දෙවැනි පිටුව)

ප‍්‍රකාශිත නිල ණය ප‍්‍රමාණය වන රුපියල් බිලියන 10,313ක මුදල සහ විගණකාධිපතිවරයාගේ ගණනය කිරීම් අනුව 2017 වසරාවසානය වන විට රුපියල් බිලියන 10,702ක් වන මුළු ණය මුදල අතර, මුදල් ප‍්‍රමාණය ද සැළකූ විට,ත වදුරටත් පවතින වෙනසට ප‍්‍රධාන හේතුව වන්නේ ශී‍්‍ර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ ශී‍්‍ර ලන්කන් එයාර්ලයින්ස් සමාගමට ණය පියවා ගැනීම සඳහා එම සමාගම් වෙත නිකුත් කර තිබෙන භාණ්ඩාගාර බැදුම්කරයන් රජයේ ප‍්‍රකාශිත නිල ණය ප‍්‍රමාණයෙන් ඉවත් කර තිබීමය. 

2017 වසර සඳහා වන ශී‍්‍ර ලංකා මහ බැංකු වාර්තාවේ සඳහන් පරිදි රුපියල් බිලියන 10,313ක් වන රාජ්‍ය ණය ප‍්‍රමාණයට, ණය පියවාගැනීම සඳහා 2012 ජනවාරි මාසයේ දී ශී‍්‍ර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නිකුත් කෙරුනු භාණ්ඩාගාර බැදුම්කරයන් සහ ප‍්‍රාග්ධනය ගොඩනගාගැනීමේ කි‍්‍රයාවලියට සහායක් ලෙස 2013 මාර්තු මාසයේ දී ශී‍්‍ර ලන්කන් ගුවන්සේවයට නිකුත් කෙරුනු භාණ්ඩගාර බැදුම්කරයන් ඇතුළත් නොවේ. 2017 වසරාවසානය වන විට එම බැදුම්කරයන්ගේ මුළු වටිනාකම රුපියල් බිලියන 69.8කි. මෙම අගයෙන් අනතුරුව ද යම් ආන්තික වෙනසක් පවතී නම් එය බැංකු ආශි‍්‍රත කටයුතුවල දී රජයට දැරීමට සිදුවූ වියදම් යටතට ගැනිය හැකිය.

එනිසාම,රජයේ ණය ප‍්‍රමාණය පිළිබදව එකිනෙකට වෙනස් දත්ත ගෙනහැර දක්වමින්,ජනතාවට වියවුලට පත් කරවමින්,අද දිනයේ රටේ සිදුවෙමින් තිබෙන සංවාදයේ උපත, 2010-2013 සමයේ භාවිතයට ගත් ණය කලමනාකරණ කි‍්‍රයාමාර්ගයන් දක්වා දිවෙන්නකි. එනම්,වර්තමානයේ නිල වශයෙන් ප‍්‍රකාශයට පත්කර තිබෙන රාජ්‍ය ණය ප‍්‍රමාණයන්ගේ දත්තයන්ගේ විශ්වසනීයත්වය ප‍්‍රශ්න කිරීමට ලක්කිරීම,රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම නොසළකා හරිමින් එදා කි‍්‍රයාත්මක වූ ණය කලමනාකරණ ක‍්‍රමවේදයන් අභියෝගයකට ලක්කිරීමක් ලෙස සැළකිය හැකිය.

මුල්‍ය ඒකාබද්ධ කිරීමෙහි ලා වන විශ්වසනීය ව්‍යුහයක් හරහා මධ්‍යකාලීන කාලරාමුවට ඇතුළත වන රාජ්‍ය ණය ඒකාබද්ධ කිරීමට වත්මන් රජය කැපව සිටී. මධ්‍යකාලීන මුල්‍ය කි‍්‍රයාකාරකම්වලින් හිමිවේයැයි අපේක්ෂිත ප‍්‍රාථමික අතිරික්තය,ණය සහ දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතය කලමනාකරණය කරගත හැකි මට්ටමකට පහත බසිනු ඇති බව සහතික කරනු ඇත. රජයේ මුල්‍ය ඒකාබද්ධ කිරීමේ සැළැස්ම හඳුනාගෙන සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි අන්තර්ජාතික ආයතනයන් ශී‍්‍ර ලංකාවේ මධ්‍යකාලීනව ණය සහ දළ දේශීය නිෂ්පාදිතය අතර අඩු අනුපාතයක් පවතිනු ඇති බවට පුරෝකථනය කර තිබේ. උදාහරණයක් ලෙස, 2018 ජූනි මස ප‍්‍රකාශයට පත්කර තිබෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් වන කාර්යමණ්ඩල වාර්තාවෙන්, 2023 වන විට රටේ ණය සහ දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතය සියයට 66.7 ක පවතිනු ඇති බවට පුරෝකථනය කර ඇත. මධ්‍යකාලීනව ශී‍්‍ර ලංකාවේ ණය කළමනාකරණයේ තිරසරභාවය සහ සමස්ත ආර්ථික ස්ථාවරත්වය විවරණය කිරීමෙහි ලා අන්තර්ජාතික සමීක්ෂණ ආයතනයන්ට එම පුරෝකථනයන් හරහා වැදගත් පණිවුඩයක් ලැබෙනු ඇත.