Language Switcher

V2025

රුපියල ඓතිහාසික බාල්දුවක  !

ඇමරිකානු ඩොලරයක විකිණුම් අගය අද ඉතිහාසයේ මුල් වරට රුපියල් 181 ඉක්මවා ගියේය.

අද (26) දිනයේ මහ බැංකු වාර්තා අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 177.59ක් වූ අතර විකිණුම් මිල රුපියල් 181.54ක් විය.

මේ සම්බන්ධව අදහස් දක්වන ජේෂ්ඨ ආර්ථික විශ්ලේෂකයන් අන්දහන් කර සිටින්නේ ඩොලරයේ අගය අඛණ්ඩව ඉහළයාම පාලනය කරගැනීමට නොහැකිව ඇති අතර තාවකාළිකව මෙය පාලනය කරගැනීමට නම් ආණ්ඩුවට විදෙස් සංචිතය සතු ඩොලර් තොග මුදාහැරීමට සිදුවන බවයි. 

නමුත් නිල ආණ්ඩුවක් නොමැති බැවින් සහ කුමන්ත්‍රණ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බලයක් නොමැති බැවින් විදෙස් සංචිත යොදවා අර්බුදයෙන් තාවකාළිකව ගොඩ ඒමට ආණ්ඩුවට නොහැකිව ඇති බවත් මේ තත්ත්වය අඛණ්ඩව පැවතියහොත් දෙසැම්බර් 10 වනදා වන විට ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 194ට ආසන්න වනු ඇති බවද ඔහු පෙන්වා දෙයි.