Language Switcher

V2025

කුමන්ත්‍රණ ආණ්ඩුව : තෙල් මිලෙනුත් ජනතාව අන්දවලා !

ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල අඩුවීමේ සහනය ජනතාවට ලබාදීම වෙනුවට කුමන්ත්‍රණ ආණ්ඩුව  ඉතා කුඩා මිල අඩු කිරීමක් සිදුකර  ජනතාව රවටා ඇති බව මූල්‍ය වෙළඳපොල විශ්ලේෂකයන් සඳහන් කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ  ඔක්තෝබර් 10 වනදා සිට නොවැම්බර් මාසය අවසානය දක්වා ලෝක වෙළඳපොලේ පෙට්රල් මිලෙහි සියයට 37 ක අඩුවීමක් වාර්තාවී ඇතත් එම මිල අඩුවීමේ වාසියෙන් අඩක්වත් මෙරට ජනතාවට ලැබී නොමැති බවයි.

ලෝක වෙළඳපොලේ ඉහල යමින් තිබු බොරතෙල් ඇතුළු ඉන්ධන මිල දැන් නැවත අඩුවෙමින් පවතී. ඒ හමුවේ පෙට්රල් මිල සියයට 37 ක ප්‍රතිශතයකින් පහල ගොස් ඇත. ඒ සමඟ මෙරට ඉන්ධන මිලද අඩු කිරීමට කුමන්ත්‍රණ ආණ්ඩුව කටයුතු කළත් ඒ  සියයට 13කට ආසන්න සුළු අඩුවීමක් පමණය.

වෙළඳපොල මිල දත්ත විමසීමේදී පෙනී යන්නේ යහපාලන ආණ්ඩු සමයේ හඳුන්වාදී තිබූ මිල දර්ශකය පැවතියා නම් තවත් සියයට 10 කට අධික  මිල අඩුවීමක් සිදුවීම අනිවාර්යයක් බවයි. ඒ එම මිල සුත්‍රය සිංගප්පුරු මිල දර්ශකය පදනම්ව සකස්ව තිබු නිසාය. නමුත් මේ වන විට කුමන්ත්‍රණ ආණ්ඩුව ඉන්ධන මිල තීරණය කරන පදනම කිසිවෙකුත් දන්නේ නැත. මේ හමුවේ පැහැදිලි වන සත්‍යක් වන්නේ  විපක්ෂයේ සිටින විට ඉන්ධන මිල සූත්‍රය ගැන රාජපක්ෂවාදීන් කියූ සියලු කතා ජනතාව ඇන්දවූ සුරංගනා කතා  මිස ඇත්ත නොවන බවය.

පහත ප්‍රස්තාරය ඊට සාක්ෂි දරයි.

Oil