Language Switcher

V2025

ආනයනික පොල් මද ඉදිරි සතියේ වෙළඳපොළට

මෙරට වෙළඳපොලේ ඉහළ ගොස් තිබෙන පොල් මිල පාලනය සඳහා ආනයනය කරන්නට යෙදුනු පොල් මද එළඹෙන සතියේදී මෙරට වෙළඳපොළට නිකුත් කිරීමට හැකිවනු ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සඳහන් කරයි.

වාර්තා වන ආකාරයට අදාළ පොල් මද තොග මෙරටට ළඟාවීමෙන් පසුව ඒවා ශාඛ නිරෝධායන ආයතනය මඟින් පරීක්ෂා කිරීමෙන් පසුව වෙළඳපොලට නිකුත් කෙරෙණු ඇත.

පොල් මද ආනයනය කිරීම සඳහා රජය අවසරදීමත් සමඟ ආනයනකරුවන් 11 දෙනෙකු ඒ සඳහා ඉල්ලුම් කර ඇති අතර ඉදිරියේදී පිලිපීනයෙන්ද පොල් මද තොග ආනයනය කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

එසේම මේ වන විට පොල් ගෙඩියක් සඳහා රුපියල් 75 ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇති අතර ඊට වැඩි මුදලට පොල් විකුණන වෙළෙන්දන් වැටලීම සඳහා පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් නිලධාරීන් යොදවා ඇති බවත් වැඩි මිලට අලෙවි කරන පුද්ගලයින් සොයා වැටලීම් අඛණ්ඩව සිදු කරන බවත් පාරිභෝගික අධිකාරිය සඳහන් කරයි.