Language Switcher

V2025

බදු ගැන ලොකු කතා බොරු : ලංකාවේ බදු එකතු කිරීම සමාජවාදී වියට්නාමයටත් වඩා සහනදායි !

ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය ජනතාව මත බදු පිට බදු පණවන්නක් බවට එල්ල කෙරෙන ප්‍රකාශ සාවද්‍ය බවත් පටු දේශපාලන වාසි අපේක්ෂාවෙන් එල්ලකෙරෙන මෙම චෝදනා හේතුවෙන් ලංකා ආර්ථිකයට අහිතකර බලපෑමක් සිදුකරන බව මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

එම ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ කලාපයේ රටවල් අතර ලංකාවේ බදු ප්‍රතිපත්තිය ජනතාවට සහනදායි වන බවත් වක්‍ර බදු අඩුකර සෘජු බදු වැඩිකර ගැනීමේ ප්‍රතිපත්තිය තුළ පොදු ජනතාවට ඉමහත් සහනයක් හිමිවන බවයි.

ලංකාවේ පෞද්ගලික බදු අයකිරීම කලාපයේ අනෙක් රටවලට සාපේක්ෂව අඩු බව තහවුරු කරමින් මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග පහත දත්ත අනාවරණය කරයි.

Capture001

ඒ අනුව කාම්බෝජය හැර මියෙන්මාරය, ඉන්දුනීසියාව , මැලේසියාව, වියට්නාමය, තායිලන්තය සහ ඉන්දියාව යන රටවල් පුද්ගලික බදු ගණනයේදී ලංකාවට සාපේක්ෂව ඉහළ අගයක් ගෙන තිබේ. එසේම මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ සමාජවාදී රටක් බව කියන වියට්නාමය සමඟ සැසඳීමේදී ලංකාව සමාජ වෙළඳපොල ආර්ථිකයක් ලෙස ඉතා සහනදායි බදු ප්‍රතිශතයක් සහිත රටක් බව තහවුරු වන බවද එම ආරංචිමාර්ග දක්වයි.

සමාගම් බදුත් ලංකාවේ අඩුයි !

මේ අතර එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ කලාපයේ වෙනත් රටවලට සාපේක්ෂව ලංකාවේ සමාගම් බදු ප්‍රතිශතයද ඉතා පහල අගයක් ගන්නා බවය. නමුත් ලංකාවේ දේශපාලනය දුරදිග සිතා බැලීමකින් තොරව බදු ප්‍රතිපත්තිය සම්බන්ධව සිදුකරන විවේචන හේතුවෙන් සමාගම් සහ ආයෝජකයන් සැකයෙන් මේ දෙස බලන බවත් ඒ හේතුවෙන් ආර්ථිකය ප්‍රසාරණය කරගැනීම පවා දුෂ්කරව ඇති බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පෙන්වාදෙයි.

එසේම ලංකාවේ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙතින් අයකරනු ලබන්නේ 14%ක සමාගම් බද්දක් බවත් තවද සංචාරක, තොරතුරු තාක්ෂණ හා කෘෂි කර්මාන්තය සහ සියලු අපනයන සමාගම් වෙතින් අයකරන්නේ 14%ක බදු මුදලක් බවද මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග අවධාරණය කරයි.

මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා මෙසේ 14%ක් තරම් අඩු බදු ප්‍රතිශතයක් හඳුන්වාදී ඇත්තේ අපනයන වෙළඳපොල ශක්තිමත් කිරීමට සහ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ඉහළට ඒමට අවස්ථාවක් සැළසීම වෙනුවෙන් බවද එම ආරංචිමාර්ග තවදුරටත් සඳහන් කරයි.

ඒ සම්බන්ධව තහවුරු කරගැනීමට අමාත්‍යංශ ආරංචිමාර්ග පහත නිදර්ශනය දක්වයි.

Capture002