Language Switcher

V2025

ක්ෂුද්‍ර මූල්‍ය පනත අහෝසියි : නව ණය නියාමන පනතක් එයි !

2016 අංක 6 දරණ ක්ෂුද්‍ර මූල්‍ය පනත අහෝසි කිරීමට රජය කටයුතු කරමින් සිටින අතර ඒ වෙනුවෙන් වන නව සන්ශෝධිත පනත් කෙටුම්පතක් මේ වන විටත් සූදානම් කෙරෙමින් ඇති බව වාර්තා වෙයි.

එය "ණය නියාමන අධිකාරී පනත (Credit Regulatory Authority Act) නමින් මාස කිහිපයක් තුල ගෙන ඒමේ සූදානමක් ඇති බවත් වාර්තා වෙයි.

මේ බව අනාවරණය වූයේ ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන් සුරැකීමේ සාමූහික එකතුව වෙනුවෙන් සමාජ ක්‍රියාකාරිකයෝ පිරිසක් පසුගියදා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා, මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා, මුදල් අමාත්‍යාංශ උපදේශක මනෝ තිත්තවැල්ල ඇතුළු රජයේ ඉහළ නිලධාරීන් පිරිසක් හමුවී උද්ගත ව ඇති අර්බුදය සම්බන්ධව පැවැත්වූ සාකච්ඡාවේදීය.

රට තුළ ක්ෂුද්‍ර මූල්‍ය කර්මාන්තය සම්බන්ධයෙන් සිය දිවි නසාගැනීම් 170 ක් වාර්තා වී තිබීමත්, සදාචාර නොවන අන්දමින් ණය අය කර ගැනීම නිසා හටගෙන තිබෙන මානව ඛේදවාචකයත් මුල්කරගෙන මෙම තීරණයට එළඹුණු බව එහිදී සඳහන් විය.