Language Switcher

Ad

Ad 01

V2025

ලංකා පුත්‍ර බැංකුවේ : සියලු මෙහෙයුම් අවසන් !

ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ සියලුම මෙහෙයුම් 2019 මාර්තු 31 සිට නවතා දමා තිබේ.

මෙහිදී ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව සතු සියලූම වත්කම් හා වගකීම්, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් ක්‍රමිකව පවරා ගනු ලැබෙන අතර 2016 අයවැය යෝජනාවකට අනුව මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවේ.

ඒ අනුව ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ දැනට පවතින මෙහෙයුම් ඉදිරියේ දී ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යටතේ ක්‍රියාත්මක වනු ඇත.

තවද ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ කාර්යමණ්ඩලයෙන්, ස්වෙච්ඡාවෙන් සේවය හැරයාමට තීරණය කරන ලද සාමාජිකයින් හැරෙන්නට සෙසු සියලු දෙනා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට අන්තර්ග්‍රහණය කිරීමට නියමිතය.

2018 දෙසැම්බර් 31 දින සිට බලපැවැත්වෙන පරිදි ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ සමස්ත කොටස් හිමිකාරීත්වය මහාභාණ්ඩාගාරය විසින් පවරා ගනු ලැබූ අතර ඒ සඳහා සලකා බලන ලද මිල රු. බිලියන 1.47 ක් වේ.

මේ අනුව ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් මහා භාණ්ඩාගාරය වෙත නව කොටස් නිකුතුවක් සිදුකර මෙම ගනුදෙනුව පියවීමට සැලසුම් කර ඇත.