Language Switcher

Ad

Ad 01

V2025

නව නිපැයුම්කරුවන්ගේ කොමිසමට මහාචාර්ය රංගික හල්වතුර එයි

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ නව කොමසාරිස්වරයා ලෙස මහාචාර්ය රංගික හල්වතුර මහතා පත්කර තිබේ.

විද්‍යා ,තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා විසින් මහාචාර්ය රංගික හල්වතුර මහතා මෙම තනතුරට පත්කොට ඇත.

මොරටුව විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු විද්‍යාව සම්බන්ධ මහාචාර්යවරයෙකු වන හල්වතුර මහතා 2017 වසරේදී ලෝක විද්‍යා ඇකඩමිය මඟින් පිරිනමනු ලබන තුන්වන ලෝකයේ හොඳම තරුණ විද්‍යාඥයාට හිමි සම්මානය දිනා ගැනීමට සමත් වූ අතර දැනට ශ‍්‍රී ලංකාවේ සිටින ලාබලාතම මහාචාර්ය වරයාද වේ.

වර්තමාන ශ්‍රී ලංකාවේ සිටින ඉංජිනේරු විද්‍යාව සම්බන්ධ ලාබාලතම මහාචාර්යවරයා වන රංගික හල්වතුර මහතා ප්‍රායෝගික නව නිර්මාණශිල්පියෙකු ලෙස නිර්මාණකරණයේ යෙදීමට නියමිතය.