Language Switcher

V2025

ඉන්ධන මිල වැඩි කරන්නේ නෑ - ඇමති මංගල

ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල අඛණ්ඩව වැඩිවෙමින් පවතින පසුබිමක් යටතේ මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ඉහළ නැංවිය යුතු වුව ද, මෙම උත්සව සමයේ දී ජනතාවට සහන සලසනුවස් ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

මේ සම්බන්ධව නිවේදනයක් මුදල් අමාත්‍යංශය විසින් නිකුත්කර තිබේ.

ඊට අනුව ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල අඛණ්ඩව ඉහළ යමින් පවතින අතර පසුගිය මාර්තු මාසයේ ඇ.ඩො. 67ක්ව පැවැති බොර තෙල් බැරලයක මිල අද වන විට ඇ.ඩො. 74 දක්වා ඉහළ ගොස් තිබෙන අතර එසේ ජාත්‍යන්තර ඉන්ධන මිල වැඩි වුව ද මෙම උත්සව සමයේ දී ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් කිසිදු ඉන්ධන වර්ගයක මිල වැඩි නොකිරීමට රජය තීරණය කර ඇත.

මාර්තු මස 10 වැනි දා කෙරුණු ඉකුත් මිල සංශෝධනයේ දී ද උත්සව සමය එළඹීම සැලකිල්ලට ගෙන ජනතාවට සහන ලබා දීමේ අරමුණෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළේ මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ඉහළ දැමුණේ ඉතා සුළු වශයෙනි.