Language Switcher

V2025

ලංකාවට ඩොලර් මිලියන 1.8 ක ප්‍රදානයක් !

දේශගුණික බලපෑම් අවම කිරීමේ ක්‍රියාකාරී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුවේ ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික බැංකුව වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.8 ක ප්‍රදානයක් සිදුකර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය මේ බව සදහන් කරන අතර එහි වැඩිදුරටත් මෙසේද සදහන් වෙයි.

මෙම ව්‍යාපෘතියේ අරමුණු වන්නේ, ජාතික දේශගුනික විපර්යාස සදහා වූ ප්‍රතිපත්ති, ක්‍රමෝපාය හා ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීමට සහ වෙළඳ පොල හෝ වෙළද පොල නොවන අවම කිරීමේ භාවිතවන් නිර්මාණය කිරීම සදහා ශ්‍රී ලංකාව තුල ධාරිතාවයන් හා පද්ධතීන් ශක්තිමත් කිරීමයි.

මෙම අරමුණට ලගා වීම සදහා ජාතික අධීක්ෂණ ,වාර්තකරණ හා තහවුරු කිරීම් පද්ධතියක් නිර්මාණය කිරීම, ව්‍යාපෘති හෝ පහසුකම් මට්ටමේදී පරිසරයට නිකුත් කිරීම් අවම කිරීම සදහා එම පද්ධති යොදා ගැනීම, ශ්‍රී ලංකා කාබන් ණය යෝජනා ක්‍රමය සදහා ආයතනික ,නීතිමය හා තාක්ෂණික රාමු නිර්මාණය කිරීම සිදුවේ. එමෙන්ම කාබන් මිල නියම කිරීමේ උපකරණ සදහා මාර්ග සැලැස්මක් සංවර්ධනය කිරීම,අදාල ආයතන හා පාර්ශ්වකරුවන් ගේ උපදෙස් ලබා ගැනීම සම්බන්ධිකරණය කිරීමද ඉහත අරමුණු වලට ලගා වීමට උපකාරී වේ.

මෙම ව්‍යාපෘතිය පහත සඳහන් අංගයන්ගෙන් සමන්විත වේ

 අවම කිරීමේ ප්‍රතිපත්තිමය අරමුණු, භූ දර්ශනය සහ විකල්ප විශ්ලේෂණය

කාබන් මිල නියම කිරීමේ උපකරණ ක්‍රියාත්මක කිරීම සඳහා තාක්ෂණික හා ආයතනික / නියාමන සූදානම් සංරචක

දේශීය කාබන් මිල නියම කිරීමේ උපකරණ ක්‍රමාංකනය වැඩිදියුණු කිරීම

සංවිධානය, සන්නිවේදනය, උපදේශනය සහ හැකියා වර්ධනය

 මෙම ව්‍යාපෘතිය සදහා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශ ලේකම්ගේ මූලිකත්වයෙන් ව්‍යාපෘති අධීක්ෂණ කමිටුවක් ස්ථාපනය කරනු ලැබේ. අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු කිහිපයක සම්බන්ධීකරණය හා සක්‍රිය සහභාගිත්වය සඳහා ව්‍යාපෘති අධීක්ෂණ කමිටුව වගකීම දරයි.

 ඇමරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් හි අප්‍රේල් 8-14 දිනයන්හි පැවති ලෝක බැංකු හා ජාත්යන්තර මූල්ය අරමුදලේ වාර්ශික රැස්වීම් අතරතුරදී ඉහත කී බහු-ආධාර සැපයුම් භාර අරමුදල් ප්‍රදානය කිරීමේ ගිවිසුම 2019 අප්‍රේල් 11 වන දින ,ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් ආර්.එච්.එස්.සමරතුංග සහ ලෝක බැංකුව වෙනුවෙන් දකුණු ආසියානු කලාපයේ ලෝක බැංකුවේ උප සභාපති හර්ට්විග් ෂාෆර් විසින් අත්සන් කරන ලදී.

0 7