Language Switcher

V2025

පෞද්ගලික අංශයේ අවම මූලික වැටුපත් ඉහළට !

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප ඉහළ නැංවීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීමට හැකි වූ බවයි.

ඒ අනුව පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප ඉහළ නැංවීම සඳහා අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ඉදිරි සතිය තුළ ක්‍රියාත්මක කරන බව රවීන්ද්‍ර සමරවීර අමාත්‍යවරයා සඳහන් කරයි.

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප ඉහළ නැංවීම වතුකම්කරුවන්ට ද බලපාන පරිදි සිදුකිරීමට සැලසුම් කර ඇති බව රවීන්ද්‍ර සමරවීර අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

මේ අතර ජාතික කම්කරු උපදේශක සභාවේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ යටතේ පෞද්ගලික අංශයේ අවම මුලික වැටුප රුපියල් 12500ක් දක්වා ඉහල යනු ඇති බවය. දැනට පෞද්ගලික අංශයේ අවම මුලික වැටුප රුපියල් 10000.00 කි.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found