Language Switcher

V2025

රුසියානු සංචාරකයින් පිරිසක් සමඟ සංචාරක කර්මාන්තය ඔසවයි !

ශ්‍රී  ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම බොහෝ සෙයින් බිඳ වැටී තිබියදීත්, රුසියානු සංචාරකයන් 52 ගෙන් සමන්විත පිරිසක් මොස්කව් නුවර සිට අද(01) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මොවුන් රුසියාවේ මොස්කව් නුවර සිට පැමිණි, රුසියානු ගුවන් සේවයට අයත් එස්.යූ- 6265 දරන ගුවන් යානයෙන් අද උදෑසන 8.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

මෙහිදී අදහස් දැක්වූ සංචාරකයන් පිරිස කියා සිටියේ , වර්තමාන ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව රුසියාවට ද ආරංචි වූ බවත් , එහෙත් තමන් නොබියව , සැලසුම් කළ පරිදි මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බවත්ය.

මෙම රුසියානු සංචාරකයන් පිරිස ශ්‍රී ලංකාවේ දින 12 ක් ගත කිරීමට අපේක්ෂා කරන අතර , ඔවුන් වැලිගම , හික්කඩුව , බෙන්තොට ආදී ප්‍රදේශවල නවාතැන් ගැනීමට සැලසුම් කර ඇති අතර , ඊට අමතරව සීගිරිය , නුවරඑළිය සහ ඇල්ල ආදී ප්‍රදේශ නැරඹීමට යාමට ද නියමිතය.

මෙම සංචාරය ශ්‍රී ලංකාවේ පෞද්ගලික සංචාරක ප්‍රවර්ධන ආයතනයක් විසින් සංවිධානය කර තිබුණි.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found