Language Switcher

V2025

IMF වෙතින් ලංකාවට: ඩොලර් මිලියන 164ක් !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ‍්‍රී ලංකාවට ලබා දෙන 05වන ණය වාරිකය නිදහස් කිරීමට එම අරමුදලේ විධායක මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ශ‍්‍රි ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 164ක මුදලක් හිමිවනු ඇත.

2016 වසරේ ජූනි මාසයේදී වසර 03ක ව්‍යාපෘතියක් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක මුදලක් ලබා දීමට එකඟතාව පළ කර .තිබිණ.

එම ව්‍යාපෘතියේ අවසන් වාරිකය ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදී ලබා දීමට නියමිතව තිබුණද, එවකට ශී‍්‍ර ලංකාවේ පැවැති දේශපාලන අර්බුදය හේතුවෙන් එය තාවකාලිකව අත්හිටුවා තිබු අතර මෙම ණය ව්‍යාපෘතිය තවත් වසරකින් දීර්ඝ කිරීමට ද ඊයේ (13) රැස්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය එකඟතාව පළ කර ඇති බව වාර්තා වෙයි.