Language Switcher

V2025

පාන් මිල නගියි !

අද(17) මධ්‍යම රාත්‍රීයේ සිට ග්‍රෑම් 450 ක් වු පාන් රාත්තලක මිල රුපියල් 5කින් ඉහළ දමා ඇතැයි බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

අද උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මේ බව සඳහන් කළේය.

ඊයේ(16) මධ්‍යම රාත්‍රීයේ සිට පිටි සමාගම් විසින් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 7.54 කින් ඉහළ දැමූ බවත්, මෙය සාපේක්ෂව රුපියල් 8 කින් පමණ වැඩිවීමක් බවද සභාපතිවරයා සඳහන් කරයි.

මේ හේතුව නිසාවෙන් ලංකාවේ පාන් මිල රුපියල් 5 කින් වැඩි කිරීමට තීරණය කළ බවත්, මෙයට විශේෂිත හේතුව වන්නේ පිටි මිල ඉහළ යෑම බවත් වෙන විකල්පයක් බේකරිහිමියන්ට නොමැති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මිල වැඩි කිරීම පාන්වලට පමණක් මෙය බලපාන අතර, අනෙකුත් පොඩි ආහාර සඳහා කිසිදු මිල වැඩිකිරීමකට සංගමයෙන් එකඟතාවයක් මෙතෙක් ලැබී නොමැති බව ද සභාපතිවරයා සඳහන් කළේය.

අනෙකුත් ආහාරවල මිල ගණන් වෙනස් කිරීමට බේකරි හිමියන්ගේ සංගමය මැදිහත් නොවන බවත්, තමන්ට සිදුවන පාඩුව පියවා ගැනීම සඳහා සුළු වශයෙන් එම ආහාරයන්ගේ මිල ගණන් වෙනස් කර ගැනීමට බේකරි හිමියන්ට අවස්ථාව ඇති බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේය.