Language Switcher

V2025

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා මහා ප්‍රදර්ශනය : අගෝස්තු 24 අනුරාධපුරේ !

‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ 2වැනි ප්‍රදර්ශනය මේ මස 24 වැනිදා සවස 4.00 ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේදී විවෘත කෙරේ.

ශ්‍රී ලංකාව ව්‍යවසායක පාරාදීසයක් බවට පත් කිරීමේ පුරෝගාමී වැඩපිළිවෙළ වන ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ ප්‍රදර්ශනයේදී රජයේ පොලී සහන ණය වැඩපිළිවෙළ සහ ගම්පෙරළිය ග්‍රාමීය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ ජනතාව දැනුවත් කෙරෙන අතර බැංකු ණය ලබාගැනීමේ අවස්ථාවද සැලසේ.

මුදල් ඇමැති මංගල සමරවීරගේ උපදෙස් මත සංවිධානය කෙරෙන මේ ප්‍රදර්ශනය මේ මස 24 වැනිදා සිට 27 වැනිදා දක්වා පුරා දින 4ක් පැවැත්වේ.

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා මහා ප්‍රදර්ශ්ණය - අනුරාධපුර !

 මොණරාගල දිස්ත්‍රික්කයේ පැවැති අති සාර්ථක ප්‍රදර්ශනයෙන් පසුව, එහි මීලඟ අදියර අනුරාධපුරයේදී පැවැත්වීමට රජය ගත් තීරණයට අනුව ජූලි මස 24 දින උදෑසන 9.00 සිට , අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩා පිටියෙදී එම ප්‍රදර්ශනය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

 එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා දියුණුවේ පුරෝගාමී පුරවරයට - අනුරාධපුරයට යන තේමාව යටතේ - රජරට ව්‍යවසායකයින් 20,000 නිර්මාණය කිරීමේ ඉලක්කය සපුරා ගැනීමට එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය ප්‍රථම ශ්‍රී ලාංකික අග නුවරට පැමිණේ.

1. සමාරම්භක උත්සවය එදින සවස 4.00 ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා, මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ප්‍රමුඛ, මැති ඇමැතිවරුන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.

 2. ඇතුල්වීමේ ප්‍රවේශපත්‍රය රුපියල් 20 ක් පමණක් වන අතර, පාසැල් නිල ඇඳුමෙන් පැමිණෙන සියලුම දරුවන්ට ඇතුල්වීම නොමිලේ. සෑම ටිකට් පතකටම වටිනා ත්‍යාගයක් ලබාගැනීමට හැකියාව ඇති දිනපතා රාත්‍රියේදී දිනුම් ඇදීමක් සිදු කෙරේ.

 3. ශ්‍රී ලංකාවේ අතීත ව්‍යවසායක උරුමය විදහා දැක්වෙන කාල උමගක් තුලින් ප්‍රදර්ශනය ඇරඹෙන අතර, විශේෂිත සිනමා ශාලාවක් සහ, ව්‍යවසායක කලාපය්ක්ද මෙවර ප්‍රදර්ශනයේ ආකර්ශ්නීය අංග වනු ඇත.

 4. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රම සම්බන්ධව සියලු සේවා සැපයෙන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජංගම සේවාවද ප්‍රදර්ශන භූමියේදීම පැවැත්වේ.

 5. රජයේ සියලුම අමාත්‍යාංශ/ දෙපාර්තමෙන්තු සහ පුද්ගලික අංශය නියෝජනය කරමින්ද ප්‍රදර්ශන කුටි 500ට අධික ප්‍රමාණයක් මෙවර ප්‍රදර්ශනයෙදී දැකගැනීමට හැකිවනු ඇත.

 6. නොමිලේ පැවැත්වෙන දන්ත සායන, වෛද්‍ය සායන ඇතුලු සේවාවන්ද, අධ්‍යාපනික වැඩසටහන්ද, ත්‍රිවිද හමුදාව මගින් කෙරෙන සංදර්ශන ඇතුලු විවිධ ආකර්ශනීය අංග ගණනාවක සංකලනයක් වනු ඇත.

 7. ආකර්ශනීය ජනමාධ්‍ය කලාපයක්, කෘෂිකාර්මික කලාපයක්, තාක්ෂනික කලාපයක් සහ සංහිඳියාව දිරිමත් කෙරෙන කලාපය්ක්ද ප්‍රදර්ශනයේ අඩංගු වේ.

 8. ප්‍රදර්ශනයට සමගාමීව දිස්ත්‍රික්කයේ පාසැල් වල සහභාගීත්වයෙන් වොලිබෝල් තරඟාවලියක්ද සංවිධානය වේ. එහිදී උතුරු නැගෙනහිර ප්‍රදේශ වලින් ඇතුලු දිවයිනේ ජනප්‍රිය වොලිබෝල් කණ්ඩායම් වල සහභාගීත්වයෙන් ප්‍රදර්ශනාත්මක තරඟාවලියක්ද පැවැත්වේ.

 9. අඩු මිලට බඩු මිලදී ගත හැකි වෙළඳ සල්පිලක්ද, කුඩා දරුවන් සඳහා නවීන විනෝද ක්‍රීඩා වලින් සපිරි කලාපයක්ද, සෑම දිනකම රාත්‍රියේදී ජනප්‍රිය සංගීත කණ්ඩායම් වල සහභාගීත්වයෙන් පැවැත්වෙන සංගීත සංදර්ශනද සංවිධානය කර ඇත.

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා අනුරාධපුර ප්‍රදර්ශනය - මොණරාගල !

 2018 අගෝස්තු මස පැවැති එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශණය ඉතා සාර්ථකව නිම කෙරුනු අතර ඒ සඳහා 500,000 ට අධික පිරිසකගේ සහභාගීත්වයක් තිබිණි.

ප්‍රදර්ෂකයින් 241

ප්‍රදර්ෂන කුටි 640

ලියාපදිංචි කරගත් මුලු ව්‍යවසායකයින් ගණන 5175.

 ප්‍රදර්ශනයට සමගාමීව මොණරාගල දිස්ත්‍රික්කය තුල සිදුකල සංවර්ධන ව්‍යාපෘති !

තවද මෙම වැඩසටහනට සමගාමීව ගම්පෙරලිය ග්‍රාමීය සංවර්ධන වැඩසටහන මගින් මොණරාගල දිස්ත්‍රික්කය තුල රුපියල් මිලියන 600 ක වටිනාකමින් යුත් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කෙරිණි. ඉන් ඔබ්බට යමින් එම දිස්ත්‍රික්කය තුල වැසිකිලි පහසුකම් රහිත නිවෙස් 25,000ක් සඳහා එම පහසුකම් ලබාදීමටද කටයුතු කරන ලදි.