Language Switcher

V2025

ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2019 ඇරඹේ !

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද "ශ්‍රී ලංකා ආර්ථික සමුළුව - 2019" අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ  ප්‍රධානත්වයෙන් අද (17) කොළඹ, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ආරම්භ විය.
 
මෙම අවස්ථාවට  මුදල් අමාත්‍ය මංගල සමරවීර ද එක්ව සිටියේය.
 
 මුදල් අමාත්‍ය මංගල සමරවීර , ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ආචාර්ය හාන්ස් විජයසුරිය, ඉන්දියානු රජයේ හිටපු වාණිජ, කර්මාන්ත හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ ජී 07 සහ ජී 20 සංසදයන්හි ඉන්දීය අග්‍රාමාත්‍ය නිල තානාපති ශ්‍රී සුරේෂ් ප්‍රභූ, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආණ්ඩුකාර ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ලක්ෂ්මන් කදිර්ගමාර් ජාත්‍යන්තර සබඳතා හා උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ගනේෂන් විග්නරාජා යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැති සාකච්ඡා මණ්ඩපයකට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහභාගි විය.
 
එම අවස්ථාවට සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම ඇතුළු  දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් ඇතුලු විශාල පිරිසක් සහභාගිවී සිටියහ.