Language Switcher

V2025

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා : ජංගම සේවය රට පුරා !

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක්,ස්වයං රැකියාවක් හෝ කර්මාන්තයක් ආරම්භ කිරීමට අවශ්‍ය  ප්‍රාග්ධනය, සහනදායි පොළී ණය යටතේ ජනතාව වෙත ගොස් ලබා දීමේ  එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජංගම සේවාවන් ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ දිස්ත්‍රික් ගනනාවක පැවැත්වීමට මුදල් අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

ඒ අනුව 2019 සැප්තැම්බර්  21හා 22 දෙදිනයන් හී කිරිදිවැල මහා විද්‍යාලයේදී ද, සැප්තැම්බර් 28 හා 29 දිනයන්හී පුත්තලම, මන්නාරම හා ගාල්ල යන දිස්ත්‍රික්ක වලද  ඔක්තෝබර් 05 සහ 06 දිනයන් හී මාතර හම්බන්තොට ත්‍රීකුණාමලය යන දිස්ත්‍රික්කයන් හී ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ යෝජනාවක් අනුව අයවැය මගින් සම්මත වූ මෙම  එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක ණය යෝජනා ක්‍රමය මගින් මේ වනතෙක් රුපියල් මිලියන 93,000ක් වටිනා ප්‍රාග්ධන  58000ක් පමණ පුද්ගලයින් වෙත ණය වශයෙන් ලබාදී ඇත.

නව ව්‍යාපාරයක් හෝ කර්මාන්තයක් සඳහා ණය අවශ්‍ය පුද්ගලයන්ට බැංකු හරහා සහන පොලී යටතේ රු.ලක්ෂයේ සිට රු.මිලියන 750 දක්වා ණය ලබාගත හැකිවේ. මේ යටතේ ස්වයං රැකියා සඳහා සහ උපාධීධාරින්ට පොලී රහිත ණය ද අනෙකුත් ව්‍යාපාර සඳහා   50% සිට 75% දක්වා පොලි සහන ලබාදි ඇත.

ණය අපේක්ෂා කරන පුද්ගලයන්ට රාජ්‍ය බැංකු මගින් පහසුවෙන් ණය ලබා ගතහැකි පරිදී ජංගම සේවා පරිශ්‍රෙය්දී පහත පහසුකම් සලසා දී ඇත.

ණය අයදුම්පත් නිකුත් කිරීම, බැංකු ණය ලබා ගැනීම සඳහා අවශ්‍ය උපදේශන සේවාවන්,ව්‍යාපාර හා සමාගම් ලියාපදිංචි කිරීමේ පහසුකම්, අපනයනකරුවන් ලියාපදිංචි කිරීම් සිදුකෙරේ.අපනයන සංවර්ධන මණ්ඩලය මගින් ක්‍රියාත්මක ඇරඹුම වැඩසටහන යටතේ උපාධිධාරින් ලියාපදිංචි කිරීම,සංචාරක සංවර්ධන අධිකාරිය මගින්, සංචාරක හෝටල් හා සුළු නිවාස නිකේතන (Homestays) සඳහා උපදේශන සේවා හා අනුමැතිය ලබා දීම් සඳහා සහාය ලබාදේ. තම ව්‍යාපාර යෝජනා සුදුසු පරිදී සකස් කර ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. ඒ අනුව බැංකු සඳහා අවශ්‍ය  ව්‍යාපාර යෝජනා සකස් කර දීම්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සොදුරු පියස ණය යෝජනා ක්‍රමයේ ණය අයදුම්පත් ලබා දීම, ණය අයදුම් කරුවන්ගේ ණය ලබා ගැනීමේ ගැටලු නිරාකරණය කිරීම්, මුදල් අමාත්‍යාංශය මගින් විශේෂ ණය සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා පිලිබඳ   උපදේශන සේවාවන් යන සේවාවන් ජංගම සේවා පරිශ්‍රෙය්දී ලබා ගත හැකිවේ.

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය, සංවර්ධනය ඉලක්ක කර ගනිමින් ක්ෂේත්‍ර  ගණනාවක් ආවරණය කරමින් ණය යෝජනා හඳුන්වා දී ඇති අතර ඉන් කෘෂිකර්මාන්තය,සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත, නිවාස ඉදිකිරීම්  හා රැකවරණ ණය යෝජනා ක්‍රම ප්‍රධාන වේ.

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මගින් ක්‍රියාත්මක මෙම ණය ‍යෝජනා ක්‍රමය මගින් බිහිවන නව ව්‍යාවසායක ප්‍රජාව හරහා රටෙහි සංවර්ධනය වේගවත් කිරීම බලාපොරොත්තු වන අතර ඉන් ව්‍යවසායකයන්  ලක්ෂයක් බිහි කිරීමට මුදල් අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.