ආනයනික ලොකු ලූනු කිලෝවක් සඳහා වන බද්ද රුපියල් 39 කින් පහළට දැමීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව ආනයනික ලොකු ලූනු කිලෝවක් සඳහා වන බද්ද අද (1) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 39.00 කින් පහළ දැමීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කරයි.
බද්ද පහළ දැමීමත් සමඟ වෙළඳපලෙහි දැනට පවතින ලොකු ලූනු කිලෝවක මිලෙන් රු. 50 ත් 70 ත් දක්වා මිලකින් අඩුවනු ඇතැයි අමාත්‍යාංශය කියයි.
වෙළපළෙහි ලොකු ලූනු කිලෝවක මිල ඉහළ යාම හේතුවෙන් පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත්වන බැවින් මෙම තීරණයට එළඹි බව කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි