Language Switcher

V2025

ලංකා ආර්ථිකය හරි අතට : ලෝක බැංකුවෙන් සහතිකයක් !

2019 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2.7ක් ලෙස පැවැතියත් 2020දී ශ්‍රී ලංකා ආර්ථික වර්ධනය 3.3ක් දක්වාත් 2021දී ආර්ථික වර්ධනය 3.7ක් දක්වාත් ඉහළ යනු ඇති බව ලෝක බැංකුව සඳහන් කරයි.

2019 වසරේදී ශ්‍රී ලංකාව 2.7 ආර්ථික වර්ධනයක් අත්කර ගත්තත් පාස්කු ප්‍රහාරයෙන් පසුව හා දේශපාලන අර්බුද වලින් පසුව නැවතත් ආයෝජන යථා තත්ත්වයට පත්වීම, අපනයන වර්ධනය වීම හරහා මෙසේ ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයක් ඇතිවිය හැකි බව ලෝක බැංකුව සඳහන් කරයි.

මේ වසරේ ආර්ථික වර්ධනයන් තුළින් දකුණු ආසියාවේ ශ්‍රී ලංකාවට පසුපසින් සිටින්නේ ඇෆ්ගනිස්ථානය පමණි. මේ වසරේදී දකුණු ආසියාවේ ඉහළම ආර්ථික වර්ධනය අත්කර ගැනීමට සමත්ව ඇත්තේ බංග්ලාදේශයයි. එය 8.1කි.

දකුණු ආසියාව පිළිබඳව ඔවුන්ගේ නවතම වාර්තාවක මේ බව දැක්වෙයි.

සමස්තයක් ලෙස දකුණු ආසියාවේ ආර්ථික වර්ධනය මේ වසරේදී පහළ යනු ඇති බවත් ලෝක බැංකුව සඳහන් කරයි. මේ වසර අවසන් වන දකුණු ආසියාවේ ආර්ථික වර්ධනය සියයට 5.9ක් දක්වා පහළ යනු ඇති බව ලෝක බැංකුව සඳහන් කරයි.

image a8c7060703