Language Switcher

V2025

ඇව්රෝ එංජිමට පිළියම් කළ : පිළිම නෙළා නැති යාපනයේ විරුවෙක් !

එක්සත් රාජධානියේ "ඇව්රෝ" ගුවන්යානා නිෂ්පාදන සමාගම දැවැන්ත අර්බුදයකට මුහුණපාමින් සිටියේය. තම ජෙට් යානාවල එන්ජිමෙහි පවත්නා දෙදරීම නිසා එහි අලවිය පහත වැටෙමින් තිබුණි.. එරට කිසිදු ඉන්ජෙරුනේරුවරයකුට එයට පිළියම් සොයා ගැනීමට නොහැකි විය...
 
අවසානයේ මෙයට පිළියම් සොයන්නට මැලේසියන් සම්බවයක් සහිත ලාංකිකයකුට ඇරයුම් ලැබුණි... ඔහු එකල පේරාදෙණිය සරසවියේ ආචාර්යවරයකු ලෙස සේවය කල මහාලිංගම් මහතාය... ඇව්රෝ ගුවන් සමාගම මුහුණ දෙමින් තිබු ජෙට් යානාවල එන්ජිමේ පවත්නා දෙදරීමේ දෝෂයට පිළියම් සොයා දෙන මෙම අපුරු මිනිසා එකල ලෝකය මවිත කළේය...
 
මෙයින් මහා උද්දාමයට පත්වූ එක්සත් රාජධානිය, මෙම අපුරු මිනිසාගෙන් ඉල්ලා සිටියේ ඕනෑම වරයක් ඉල්ලා සිටින ලෙසයි... විශාල මුදල් කන්දරාවක්, තනතුරු, යානවාහන, එරට පුරවැසිභාවය ඒ අතර විය.. මුදල් සදහා ඕනෑම දෙයක් කරන මෙවැනි සමාජයක මේ අපුරු මිනිසා ඉල්ලා සිටියේ ජෙට් යානා එන්ජිමකි.. ඒ පේරාදෙණිය සරසවිය උදෙසාය... අද දක්වා පේරාදෙණිය සරසවියේ සිසු දරුවන් ගුවන්යානා තාක්ෂණය පිළිබදව අධ්‍යනය කරන්නේ මේ එංජිම හරහාය... බොහෝ වරප්‍රසාද වෙනුවට ඔහු ඉල්ලා සිටියේ තමා ජීවත්වන රටේ දරුවන් අනාගතය වෙත ගෙන යන්නට ගුවන් එංජිමකි....
 
ජනතාවගේ හෝ සාමුහිකත්වයක බලපෑම නිසා මහා පුරුෂයන් වන බොහොමයක් දෙනා පාලකයාගේ ගරුත්වය,ප්‍රශංසාව නිරතුරුව බලාපොරොත්තු වන බිමක මෙවැනි උදාරතර මිනිසුන් රටට වාසනාවකි... මහාලිංගම් මහාචාර්යවරයාට මේ පොළවේ කෙතරම් වටිනාකමක් ලබුනේදැයි මම නොදනිමි... පාලකයන් ඔවුන්ට වටිනාකම් ගොඩනගා ගත හැකි මිනිසුන් මෙන්ම ඔවුන්ගේ මරණද විකුණති... එහෙත් විකිණිය නොහැකි සැබෑ මිනිසුන් මගහරිති.. මෙම උදාර මිනිසා මීට වසර කීපයකට පෙර නිසොල්මනේ යාපනය රෝහලේදී අවසන් ගමන් ගියේ ජීවත් වූ බිමට මහා කීර්තියක් මෙන්ම අනාගත පරපුරේ අනාගතය උදෙසා මහා ජවයක් මේ පොළවේ තබමිණි... නුබ වැනි ආදරණීය මිනිසුන් හැමදාම ආදරයෙන් සිහිපත් කරන්නෙමු...
 
IMG 20200601 WA0000
( උපුටා ගැනීමකි)