Language Switcher

V2025

කැනඩා අගමැති පවුල වසඟ කළ ඉන්දීය විලාසිතා

ඉන්දියානු සංචාරයක නිරත කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝගේ ඉන්දීය ඇඳුම් විලාසිතා පිළිබද මුළු ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. කඩවසම් අගමැතිවරයාට ඉන්දීය ඇඳුම් විලාසිතා ඉතා කදිමට ගැලපෙන බවට සමාජ ජාල ඔස්සේ අදහස් පළවෙමින් තිබෙයි.

කැනඩා අගමැතිවරයා ඉන්දියානු සංචාරයේ නිරතව සිටින්නේ සිය පවුලේ උදවියත් සමඟයි. ඔවුන් සියලු දෙනාද තම සංචාරයේදී ඉන්දියානු විලාසිතාවලින් සැරසී සිටීම විශේෂත්වයක්.

ඔවුන් ගුජරාටයේ පිහිටි මහත්මා ගාන්ධි ආශ්‍රමයට සහ සික් ආගමික ප්‍රධාන පන්සලක් වන රන් දෙවොල වන්දනා කිරීම සඳහාද එකතුව සිටියේ ඉන්දියානු ඇඳුමින් සරසිගෙනයි.

ඊට අමතරව මේ සතියේ මුම්බායි නගරයේදී බොලිවුඩ් නළු නිළි හමුවක් සඳහා කැනඩා අගමැතිවරයා සහ පවුලේ සියලු දෙනා එකතුව සිටියේ ඉන්දීය විලාසිතාවලින් සැරසී ගෙනයි.

 එසේම කැනඩාවේ පැවැත්වෙන විවිධ ඉන්දියානු උත්සව සඳහා සහභාගී විමේදීද ඔහු ඉන්දියානු ඇඳුම්වලින් සැරසීම සාමාන්‍ය සිදුවීමක් බව වාර්තා වේ.

කැනඩා අගමැතිවරයාගේ කැබිනට් මණ්ඩලයේ ඉන්දියානු සම්භවයක් සහිත කිහිප දෙනෙක් සිටීම මෙයට බලපාන්නට ඇති බව බොහෝදෙනෙකුගේ අදහස වී තිබෙනවා . කැනඩා ආරක්ෂක ඇමතිවරයා වන්නේත් සික් ජාතික පුද්ගලයෙකි.