Language Switcher

V2025

තිළිණිගේ තනියහන සැප්තැම්බර් 26 අන්තර්ජාලයට !

ලංකාවේ සංගීත ක්ෂේත්‍රය තාක්ෂණය සහ ආකර්ශණීය ශ්‍රව්‍ය දෘශ්‍ය පරාසයන් අතික්‍රමණය කරමින් තිබෙන අවධියක, එකී පරාසයන්හි රසය රසික සමූහයේ සන්තෘප්තිය උදෙසා නිමැවුණු තිළිණි රුද්‍රිගෝ යොවුන් ගායන ශිල්පිණියගේ පළමු මියුසික් වීඩියෝව 'තනියහන' එළඹෙන සැප්තැම්බර් මස 26 වැනිදා අන්තර්ජාලයට නිකුත් කිරීම සිදුවේ.

මෙම මියුසික් වීඩියෝවේ ගී පද රචනය දිල්ශි තත්සරණ විසින් සිදුකර ඇති අතර, මියුසික් වීඩියෝවේ තිර රචනය සහ අධ්‍යක්ෂණය දක්ෂ නිර්මාණකරුවෙක් ‍වන චාමර ගුරුගේ විසින් සිදුකර තිබේ.

නවීන වීඩියෝ තාක්ෂණය සහ ගීයේ සියුම් අර්ථ සමූහයන් රසිකයන්ගේ හදවත ස්පර්ශවන ආකාරයෙන් රූපගත කර ඇති මෙම ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණයට ජනප්‍රිය රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් වන ජයනි සේනානායක, යශෝධා රසඳුනි, ශ්‍යාමිලා කල්හාරි, මනෝජා ෆඩිනැන්ඩස්, මල්කා නූපෙහේවා, අමන්දා උදානි රුද්‍රිගෝ සහ ගීත් රත්නායක රංගනයයෙන් දායකත්වය ලබාදී ඇත.

එසේම මෙම 'තනියහන' සොඳුරු නිර්මාණයේ තාල නිර්මාපාකයා වන්නේ හර්ෂ අරවින්ද ය, එසේම එහි සමස්ත නිෂ්පාදන සහය මාධව මංචනායක විසිනි.