Language Switcher

V2025

LPL දෙවන ගැටුම : ගාලු අභිමානය Jaffna Stallionsට

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලු 08ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ඊයේ (27) සමත් විය.
 
හම්බන්තොට  සූරියවැව ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමයි.
 
තරගයේ කාසියේ වාසිය දිනූ ගාලු කණ්ඩායමේ නායක ශහිඩ් අෆ්රිඩි පළමුවෙන් පන්දුවට පහර තීරණය කළේය.
 
ඒ අනුව ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 175ක් ලබා ගත්තේ ශහිඩ් අෆ්රිඩි පන්දු 23කින් වාර්තා කළ වේගවත් ලකුණු 58න් ශක්තිමත් වෙමිනි.
 
ඔහුගේ ඉනිම හයේ පහර 6කින් සහ හතරේ පහර 3කින් වර්ණවත් වෙද්දී ගාලු ඉනිම වෙනුවෙන් ධනුෂ්ක ගුණතිලක ද ලකුණු 38ක් රැස් කරන ලදි.
 
පන්දු යැවීමේ දී ඩුවාන් ඔලිවියර් ලකුණු 44කට කඩුලු 4ක් බිද හෙලූ අතර, වනිදු හසරංග ලකුණු 12ක් පමණක් ලබා දී කඩුලු 2ක් බිද හෙළීය.
 
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පන්දුවාර 19.3ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.
 
අගනා ඉනිමක් ක්‍රීඩා කළ අවිශ්ක ප්‍රනාන්දු පන්දු 63 කින් ලකුණු 92ක් රැස් කළේ හයේ පහර 7ක් ද ඉනිමට එක් කරමින්ය.
 
ෂොයිබ් මලික් නොදැවී ලකුණු 27ක් ලබා ගත් අතර, ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලට ගොඩ නැගුණු නොබිදුණු සබදතාවය ලකුණු 110කි.
 
පන්දු යැවීමේ දී මොහොමඩ් අමීර් සහ මොහොමඩ් ශිරාස් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.