Language Switcher

V2025

දශකයේ ක්‍රිකට් ක්‍රීඩකයා විරාට් කෝලි

ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විසින් දශකයේ විශිෂඨතම ක්‍රීඩකයන් අද (28) දිනයේ ප්‍රකාශයට පත් කරන ලදි.

ඒ් අනුව ගෙවී යන දශකයේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි ශ්‍රිමත් ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානය ද දශකයේ අයි.සී.සී එක් දින ක්‍රීඩකයා ලෙස ද සම්මානයට පාත්‍ර විය

දශකයේ විශිෂ්ටතම එක් දින ක්‍රීඩකයා සඳහා කුමාර් සංගක්කාර සහ ලසිත් මාලිංග ද නම් කර තිබිණ

විරාට් කෝලි ටෙස්ට් තරඟ 86 කදී ලකුණු 7240 ක් ලබා ගෙන ඇති අතර එයට ශතක 27 ක් ද ඇතුළත් වේ

එක් දින තරඟ 208 කදී ලකුණු 10,388 ක් ලබා ගෙන ඇති අතර එයට ශතක 39 ක් ඇතුළත් වේ

ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ 80 ක දී විරාට් කෝලි ලකුණු 2768 ක් හිමි කරගෙන ඇත්තේ අර්ධ ශතක 24 ක් ද සමගිනි