Language Switcher

Ad

Ad 01

V2025

කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි දෙවන 20/20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 43ක විශිෂ්ට ජයක් හිමිවිය.

ඒ අනුව, තරග 3කින් සමන්විත තරගාවලිය 1-1ක් ලෙස දෙපිලම සම තත්ත්වයේ පසුවේ.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 160ක් ලබා ගත්තේය.

ලංකාව ඉනිමේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 95කි.

ධනුෂ්ක ගුණතිලක ලකුණු 56ක් ලබාගත් අතර පැතුම් නිශ්ශංක ලකුණු 37ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් පන්දුවාර 18යි පන්දු 4ක් අවසානයේදී ලකුණු 117 කට දැවී ගියේය.

ශ්‍රී ලංකා දඟ පන්දු බලඇණිය බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන්ගේ සියලු බලාපොරොත්තු බොඳ කිරීමට සමත් විය.

වනිදු හසරංග හා ලක්ෂාන් සඳකැන් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගිය අතර අකිල දැනට එක් කඩුල්ලක් දවා ගත්තේය.

සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ලකුණු 16කට දැවී ගියේය.

තරගයේ වීරයා සම්මානය වනිදු හසරංගට හිමිවිය.