Language Switcher

V2025

විමලා අමරදේවයන් ද නික්ම යයි

ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ බිරිඳ වන විමලා අමරදේව මහත්මිය අද(08) අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඇය 86 වැනි වියේ පසුවිය .

විමලා අමරදේව මහත්මිය උපත ලැබුවේ 1934 වසරේ දෙසැම්බර් මස 05වනදාය.

1963 වසරේ දී ඇය පණ්ඩිත් අමරදේවයන් සමඟ යුග දිවියට එළඹුණි.

අමරදේවයන්ගේ සංගීත පර්යේෂණ කටයුතු සදහා දායකත්වය ලබා දුන් ඇය, ජන ගී සම්ප්‍රදායන් පිළිබඳවද මනා දැනුමකින් හෙඹි ගායනවේදිනියකි.