Language Switcher

V2025

ප්‍රබල මානව හිමිකම් ක්‍රියාකරුවෙකුගේ සමුගැනීම !

යාපනයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි මන්නාරම හිටපු රදගුරු රායප්පු ජෝශප් පියතුමන් අද (01) අලුයම ස්වර්ගස්ත වී තිබේ.

සති කිහිපයක සිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි රායප්පු ජෝශප් පියතුමන් 2016 ජනවාරි 16 වන දින දක්වා මන්නාරම රදගුරුවරයා ලෙස කටයුතු කරනු ලැබීය. එසේම ප්‍රබල මානව හිමිකම් ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කළ අතර ඒ හේතුවෙන් විවිධ අපවාදයන් එල්ලවුවත් ඒ හමුවේ අවසන් මොහොත දක්වා සටන් කළ අයෙකු ලෙසත් ප්‍රසිද්ධය.

1940 අප්‍රේල් 16 වන දින ඩෙල්ෆ්හිදී උපත ලැබූ ජෝසප් පියතුමන් ස්වර්ගස්ත වන විට 80 වන වියෙහි පසු විය.

මේ එතුමන් සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ පලව තිබූ සටහන් කිහිපයකි.

WhatsApp Image 2021 04 01 at 11.48.28 AM

WhatsApp Image 2021 04 01 at 11.48.27 AM