Language Switcher

Ad

Ad 01

V2025

තිසර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනිමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඔහු සිය සමුගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇත.

තිසර පෙරේරා ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ටෙස්ට් තරග 06ක්, එක්දින තරග 166ක් සහ පන්දුවාර 20යි 20 තරග 84කට ක්‍රීඩා කර තිබේ.

32 වැනි වියේ පසුවන තිසර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වසර 12ක් ක්‍රීඩා කර ඇත.