Language Switcher

Ad

Ad 01

V2025

රංගන ශිල්පිනී සුරේනී සෙනරත් අභාවප්‍රාප්ත වේ

චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පිනි සුරේනි සෙනරත් අද (26දා) උදෑසන අභාවප්‍රාප්ත විය.

කලක් තිස්සේ රෝගාතුරව මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය මිය යන විට 62 වැනි වියේ පසුවූවාය.

'අමරණීය ආදරය" චිත්‍රපටයෙන් රංගනයට පිවිසි ඇය ලොකු තාත්තා, සර්කස් කාරිය, මල්වරුසා, හිතහොඳ සූරයෝ, සතුටය කිරුළ අපේ ආදී චිත්‍රපට ගණනාවකට රංගනයෙන් දායක වූ ඇය ටෙලිනාට්‍ය හා වේදිකා නාට්‍ය කිහිපයකට ද රංගනයෙන් දායක වී ඇත.

ඇය එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකාවක් ලෙස දීර්ඝ කාලයක් තිස්සේ කටයුතු කළාය.

ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (27) පස්වරු 5ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.