Language Switcher

V2025

ලොව ජනප්‍රියම කෙටි චිත්‍රපටය මලිඳුගේ Smiling Roses

ඕස්ට්‍රේලියාවේ Focus on Abilty - 2021 කෙටි චිත්‍රපට උලෙළේ International Most Online Votes තරඟ අංශය ජයග්‍රහණය කිරීමට Smiling Roses කෙටි වාර්තා චිත්‍රපටය නිර්මාණය කළ මලිඳු කාවින්ද කුමාරසිංහ සමත්විය.

මෙම චිත්‍රපට උලෙළ විශේෂ අවශ්‍යතා සහිත මිනිසුන් දිරිමත් කිරීම අරමුණු කරගනිමින් පැවැත්විණි. අදාළ තරඟ අංශය සඳහා රටවල් 21ක චිත්‍රපට 97ක් ඉදිරිපත්ව තිබිණි. දිරිමත් කාන්තාවක් ඇසුරින් නිමවූ Smiling Roses කෙටි වාර්තා චිත්‍රපටය සිය ජංගම දුරකථනය යොදාගනිමින් කළ බව ඔහු සඳහන් කරයි.

මීට ඉහතදී ඔහු විසින් නිර්මාණය කළ A Day After Revolution කෙටිචිත්‍රපටය ද ඉන්දියාවේ Ashaa International Film Festival 2021 හි හොඳම අධ්‍යක්ෂණය සඳහා වන සම්මානය දිනා ගන්නා ලදී.

image 93168d3664කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමාව සහ රූපවාහිනී අධ්‍යයනය හදාළ, මලිඳු කාවින්ද කුමාරසිංහ කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණයෙහිද, කාව්‍ය නිර්මාණකරණයේද, මුහුණුපොතෙහි නිර්මාණාත්මත කතාන්දර රචනයෙහිද සමත් තරුණයෙකි. 'ගිහින් එන්නම් නාමලී' කාව්‍ය සංග්‍රහය සහ 'ලෙෆ්ට් රයිට්' නම් කෙටි චිත්‍රපටය ඔහුගේ නිර්මාණ වේ.

Smiling Roses කෙටි චිත්‍රපටය සහ එය ජයග්‍රහණය කළ මොහොත පහත ලින්කු ඔස්සේ නැරඹිය හැකිය.

ඩිල්ශානි චතුරිකා දාබරේ