Language Switcher

V2025

T 20 ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වය තිසරට

ශ‍්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් කණ්ඩායමේ සහ T 20 ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සඳහා තිසර පෙරේරා පත්කර ඇති බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත.

ඒ අනුව ඉන්දීය සංචාරයේ එක්දින සහ T 20 තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තිසර පෙරේරා වෙත පැවරී ඇත.

2019 ලෝක කුසලානය ඉලක්ක කරගෙන තිසර පෙරේරා මෙසේ නායකත්වයට පත් කර ඇති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

එසේම ලබන වසර ආරම්භයේදී චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ භාරගැනීමට නියමිතව ඇත.