Language Switcher

V2025

වාරණය බිඳගෙන "Un-freedom" අන්තර්ජාලයට

වසරේදී ඉන්දියාවේ තිරගත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරන ලද Un-freedom සිනමා කෘතිය මේ වනවිට අන්තර්ජාලයට එක්කිරීමට එහි අධ්‍යක්ෂකවරයා වන රාජ් අමිත් කුමාර් කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ආගමික අන්තවාදය, සමලිංගිකත්වය ඇතුළු පසුගාමී සමාජයේ ඇති ආන්දෝලනාත්මක ඉසව් වෙත අවධානය යොමුකරමින් නිෂ්පාදනය කර ඇති එම සිනමා කෘතිය Netflicx ඇතුලු අන්තර්ජාල වෙබ් සිනමා අවකාශ හරහා නරඹන්නට අවස්ථාව හිමිව ඇත.

මෙම චිත්‍රපටයේ කාන්තාවන් දෙදෙනෙක් අතර සමලිංගික සබඳතාවක අභ්‍යන්තරය මෙන්ම ආගමික අන්තවාදය නිසාවෙන් බැටකන සමාජය පිළිබඳ ඉතාම සංවේදී විග්‍රහයක් ඉදිරිපත් කරයි. එමෙන්ම ඉන්දියාව තුල කාන්තාවන් ලිංගිකව අපහරණය කිරීම කොතරම් බරපතල ආකාරයෙන් සිදුවේද යන්න මෙහි නිර්භයව පෙන්වා දී ඇත.

එවන් කාරණා ගණනාවක් නිසාම ඉන්දියාවේ තිරගත කිරිම තහනම් කරන ලද Un-freedom සිනමා කෘතිය ලෝකය පුරා තිරගත කිරීම වලක්වාලමින් වාරණ නියෝගයක් ලබාදෙන ලෙසට ඉන්දියාවේ ඇතැම් පක්ෂ සහ සංවිධාන එරට අධිකරණයෙන් ඉල්ලා තිබුණි. නමුත් 2015 වසරේ ඉන්දියාවේ තහනම් කෙරුණද මෙම චිත්‍රපටය ඇමරිකාව ඇතුලු රටවල් ගණනාවක ප්‍රදර්ශනය කෙරුණි.

her.lk ඇසුරෙනි