Language Switcher

V2025

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මැයි 19 : තිලංග යළිත් සුදානම් !

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මැයි මස 19 වනදා පැවැත්විමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී  තිලංග සුමතිපාල මහතා සඳහන් කරයි.

 ඔහු මේ බව සඳහන් කර සිටියේ ක්‍රිකට් ආයතනයේ අද (20)   පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.

 එසේම තමන්ද නිලවරණයට අදාළ නාමයෝජනා කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බවත් යෝජිත නිලවරණය සඳහා තමන්ද ඉදිරිපත් වන බවත් ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

 ක්‍රිකට් ගැහිලි ගැන රංජන්ගෙන් හෙළිදරව්වක් 

මේ අතර පසුගියදා මාධ්‍ය ඇමතු රාජ්‍ය අමාත්‍ය  රංජන් රාමනායක  සඳහන් කර සිටියේ තරග පාවාදීම , සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් ඇමතිවරුන්ට නිවාස ලබාදීම ඇතුළුව පසුගිය සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් හී සිදුව ඇති දුෂණ හා වංචා හෙළිකිරීමට තමන් කටයුතු කරන බව ය. 

 සබැඳි පුවත් 

තිලංගගේ සළුපට අහසට : ක්‍රිකට් අක්‍රමිකතා ගැන හෙළිකරන්න රංජන් සුදානම්