Language Switcher

V2025

''ශ්‍රී ලංකීක සංක්‍රාන්ති ලිංගික සමාජයම ලැබු ජයක්”

සාර්ක් සිනමා සම්මන උළෙලේ ‍සම්මානයක් හිමි කර ගැනීමට හැකි වීම ශ්‍රී ලංකීක සංක්‍රාන්ති ලිංගික සමාජයම ලැබු ජයක් බව එම සම්මානයේ හිමිකාරිය පවසනවා.

විසාකේස චන්ද්‍රසේකරන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ෆ්‍රැන්ජිපානි චිත්‍රපටය වෙනුවෙන් 2017 සාර්ක් සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි ජුරියේ විශේෂ සම්මානය හිමි කරගත් භුමි හරේන්ද්‍රන් මෙම ජයග්‍රාහණය පිළිබඳව සිලෝන් ජර්නල්ස් වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියේය.

“මට මතක් වෙන්නේ හඳට ගිය වෙලාවේ නීල් අම්ස්ට්‍රෝන් කියපු කතාව මේක එක පුද්ගලයෙක් තබපු පා සටහනක් නෙමේ මනුෂ්‍ය වර්ගයා පැනපු ලොකු පිම්මක් කියලා” යි පැවසු ඇය මෙය තම පුද්ගලික ජයග්‍රාහණයකටත් වඩා මුළු මහත් සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවම ලැබු ජයක් බව පවසන්නීය.

සිංහල සිනමාව තුළ සංක්‍රාන්ති ලිංගිකයෙකුගේ හැකියාවන් ඇගයීමට ලක් කල ප්‍රථම අවස්ථාව මෙය බවයි භුමි හරේන්ද්‍රන් පෙන්වා දෙන්නේ.

මෙය විශාල ජයක් බව පැවසු භුමි හරේන්ද්‍රන් තම ලද සම්මානය හරහා සංක්‍රාන්ති ලිංගිකයන් කෙරෙහි සමාජයේ දෑස් විවර වනු ඇති බවට වැඩි දුරටත් විශ්වාසය පල කළේය.

ceylonjournals