Language Switcher

V2025

අගමැති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දක්ෂයින් අගයයි !

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී විශිෂ්ටතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ විශේෂ හමුවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රධානත්වයෙන් ඊයේ (30) දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටි අතර එම හමුවේ විවිධ අවස්ථා ඡායාරූපවල දැක්වේ.

 එම අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, වැඩබලන ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා, වැඩබලන නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය  ඒ. එච්. එම්. හාරිස්, ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම්, ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල්ද සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිතයන්, පදක්කම්ලාභීන් සහ පුහුණුකරුවන් ද සහභාගි වී සිටියහ.

03

04