Language Switcher

V2025

රෆායෙල් නඩාල් 8වැනි වරටත් ඉතාලි විවෘත ටෙනිස් ශූරතාවය

ස්පාඤ්ඤයේ  රෆායෙල් නඩාල් 8වැනි වරටත් ඉතාලි විවෘත ටෙනිස් ශූරතාවය දිනා ගැනීමට ඊයේ (20) සමත්ව ඇත.

ඒ  තරග වට 2-1 ලෙස ඇලෙක්සැන්ඩර් ස්වෙරෙව් පරාජයට පත් කරමින් ය. අවසන් තරගයේ පළමු වටයේදී  සාර්ථක ආරම්භයක් ලබාගනිමින් නඩාල් ලකුණු 6-1 ලෙස ස්වෙරෙව් පරාජයට පත් කළත්,  ඇලෙක්සැන්ඩර් ස්වෙරෙව් ලකුණු 6-1 ලෙස  වාර්තා කරමින්  දෙවන වටය ජය ගන්නට  සමත් විය. නමුත් තෙවන වටය  6-3 ක් වාර්තා කරමින් නඩාල් සිය ජයග්‍රහණය තහවුරු කර ගනු ලැබිණ.

 මේ වනවිට නඩාල්  ග්‍රෑන්ඞ් ස්ලැම් ශූරතා 10 ක්, ප්‍රංශ විවෘත ශූරතා 10 ක්, මොන්ටි කාලෝ මාස්ටර් ශූරතා 11ක්, බර්සිලානෝ විවෘත ශූරතා 11ක් සහ මැඞ්රිඞ් විවෘත ශූරතා 5ක් තමන් සතු කරගෙන  ලෝක ටෙනිස් ක්‍රීඩකයන් අතර පෙරමුණේ පසුවන ක්‍රීඩකයකු බවට පත්ව ඇත.