Language Switcher

Ad

Ad 01

V2025

2025 කාන්තා ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

සංචිතය සඳහා ක්‍රීඩිකාවන් 15 දෙනෙකු නම් කර ඇත. එහි උපනායිකාව ලෙස අනුෂ්කා සංජීවනී නම්කර ඇත.

මෙවර කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළැඹෙන 30වනදා සිට නොවැම්බර් 02 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වේ.

ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය 30 වැනිදා ගුවාතිහිදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතය

1) චමරි අතපත්තු (නායිකාව),

2) හසිනි පෙරේරා,

3) විශ්මි ගුණරත්න,

4) හර්ෂිත සමරවික්‍රම,

5) කවිෂා දිල්හාරි,

6) නිලක්ෂි ද සිල්වා,

7) අනුෂ්කා සංජීවනී (උපනායිකාව),

8) ඉමේෂා දුලානි,

9) දෙව්මි විහංඟා,

10) පියුමි වත්සලා,

11) ඉනෝකා රණවීර,

12) සුගන්දිකා කුමාරි,

13) උදේශිකා ප්‍රබෝධනී,

14) මල්කි මදාරා,

15) අචිනි කුලසූරිය

සංචාරක අතිරේක - ඉනෝෂි ප්‍රනාන්දු