Language Switcher

Ad

Ad 01

V2025

සිම්බාබ්වේට එරෙහිව කඩුලු 8ක විශිෂ්ට ජයක්

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2ට 1ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම අද ජය ගත්තේ ය.

ඒ තරගාවලියේ තුන්වැනි තරගය කඩුලු 8කින් ජය ගනිමින් ය.

හරාරේහිදි පැවති තරගයේ තරගයේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දු රැකීමට තීරණය කළේ ය.

ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි සිම්බාබවේ කණ්ඩායමේ පළමු කඩුල්ල බිඳ වැටුණේ ලකුණු 26කදී ය.

දෙවැනි කඩුල්ල ලෙස ශෝන් විලියම්ස් ලකුණු 23කට දැවී ගියේ ය.

දුෂාන් හේමන්තගේ පන්දුවක් හමුවේ සිකන්දර් රාසා දැවී ගියේ ලකුණු 28කදී ය.

ටඩිවනාෂ් මරුමානී ලකුණු 51ක් රැස් කළේ ය.

දුෂාන් හේමන්ත කඩුලු 3යි.

දුෂ්මන්ත චමීර කඩුලු 2ක් දවා ගත්තේ ය.

පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 191කි.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ආරම්භ කළේ පැතුම් නිස්සංක සමගින් කුසල් මෙන්ඩිස්.

ඔවුන් දෙදෙනා සාර්ථක ආරම්භයක් ලබා ගත්තේ පළමු කඩුල්ලට ලකුණු 58ක සබඳතාවයක් එක් කරමින් ය.

කුසල් මෙන්ඩිස් ලකුණු 30කි.

පැතුම් නිස්සංක ලකුණු 33ක් රැස් කළේ ය.

කුසල් ජනිත් පෙරේරා සහ කමිල් මිෂාර ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ තුන්වැනි කඩුල්ලට ලකුණු 117ක නොබිඳුණු සබඳතාවයක් එක් කරමින් ය.

කමිල් මිෂාර පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිය මංගල අර්ධ ශතකය අද රැස් කළේ ය.

ඔහු නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 73කි.

කුසල් ජනිත් පෙරේරා නොදැවී ලකුණු 46කි.

ලකුණු 192ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 4ක් තුළ කඩුලු 2ක් දැවී සිටියදී තරගය ජය ගත්තේ ය.

ඒ අනුව තරග 2ට 1ක් ලෙස තරගාවලිය ජය ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලියද තරග 2ට 0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

එළැඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ අවසන් තරගාවලිය මෙයයි.

ලබන 9 වැනිදා සිට 28 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර්හිදී පැවැත්වෙන ආසියානු කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියේ නිල දේශීය විකාශන අයිතියද සිරස මාධ්‍ය ජාලයට හිමිව තිබේ.

රත්මලාන ස්ටයින් ස්ටුඩියෝස්හි සිට නවීන තාක්ෂණික ක්‍රමෝපායන් සහ ජාත්‍යන්තර තරග විශ්ලේෂණ අත්දැකීම් සමගින් ආසියානු කුසලාන 20යි 20 තරගාවලිය ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්.