මෙවර ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයට අපරාජිතව සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ හැකි විය.
ඒ කුසල් මෙන්ඩිස්ගේ සුපිරි පිතිහරඹය හේතුවෙන්
'බී' කාණ්ඩයේ තරග අවසන් කරමින් අඩුබාබි හිදී ඊයේ (18) පැවති මෙම තීරණාත්මක තරගයෙන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම කඩුලු 6කින් පරාජය කර ඔවුන් මෙම අවස්ථාව හිමිකරගතේය.
ඇෆ්ගනිස්තාන කණ්ඩායමෙන් ලකුණු 170ක ඉලක්කයක් හිමි වු අතර කඩුලු 4ක් දැවී එම ඉලක්කය පසු කර යෑමට ශ්‍රී ලංකාවට හැකිවිය.
පන්දු 52කින් ගොඩනැගුණු කුසල්ගේ ඉනිමට හතරේ පහර 10ක් ඇතුළත් වෙමින් නොදැවී ලකුණු 74ක් රැස්කළේය.
ඔහුට අමතරව කමිඳු මෙන්ඩිස් පන්දු 13කින් නොදැවී ලකුණු 26ක්ද, කුසල් පෙරේරා පන්දු 20කින් ලකුණු 28ක්ද රැස්කිරීමට සමත් විය.
කෙසේ නමුත් ලකුණු 170ක ඉලක්කයක් හඹායමින් සිටි ශ්‍රී ලංකාව තරගයේ 13වන පන්දුවාරයේදී ලකුණු 101 සීමාව පසුකරයෑමත් සමගම ඔවුන්ට සුපිරි 4 වටයේ දොරටුව විවර විය.
ඇෆ්ගනිස්තානය ලැබූ මෙම පරාජයත් සමග ඔවුන් තරගාවලියෙන් ඉවත් වූ අතර, බංග්ලාදේශය සුපිරි 4 වටයට සුදුසුකම් ලබාගත්හ.