Language Switcher

V2025

නව වර්ෂය සඳහා ලියෝ සමාජ ස්ථාපිත කිරීම

කලම්බු මිඩ් සිටි ලියෝ සමාජය සහ කලම්බු නයිට් ලියෝ සමාජය එක්ව පැවැත්වූ ලියෝ සමාජ 2018/2019 වර්ෂය සඳහා ස්ථාපනය කිරීමේ උත්සවය පසුගියදා (29) නුගේගොඩදී සාර්ථකව පැවැත්විණි. 

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස 306 C2 සිංහ දිස්ත්‍රික්කයේ සිංහාධිපති, සිංහ නිමල් රණවක, හිටපු සිංහාධිපති සහ ලියෝ උපදේශක ලසන්ත ගුණවර්ධන, කලම්බු මිඩ් සිටි සිංහ සමාජයේ සභාපති නයන අකලංක හෙට්ටිආරච්චි, 306 C2 ලියෝ දිස්ත්‍රික්කයේ සභාපති විශාන් ගුණරත්න, ලියෝ සමාජ ද්විත්වයේ පෙර සභාපතිවරුන් වන ලියෝ සතිර සරච්චන්ද්‍ර සහ ලියෝ ගිහාන් ධනුෂ්ක විතානගේ  යන මහත්වරුන් ඇතුළු සාමාජික සාමාජිකාවන් රැසක් සහභාගිවී සිටියහ.  

ලියෝ හසන්ත කෝසල මහතා කලම්බු මිඩ් සිටි ලියෝ සමාජයේ සභාපතිවරයා ලෙසද ලියෝ රමති ගයාරා රාජපක්ෂ මෙනවිය කලම්බු නයිට් ලියෝ සමාජය වෙනුවෙන්ද 2018/2019 වර්ෂ සඳහා නව සභාපතිවරුන් ලෙස එහිදී පත්විය.