Language Switcher

V2025

“පල්පසා කැෆේ” කෘතිය එළිදැක්වීම - ජනවාරි 11

සුනන්ද දේශප්‍රිය විසින් පරිවර්තනය කළ නාරායන් වාග්ලේගේ ‘පල්පසා කැෆේ ’ කෘතිය පරිවර්තනය 2018 ජනවාරි මස 11 වෙනිදා සවස 3.30 ට ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී දොරට වැඩීමට නියමිතය.

ගරිල්ලා යුධ බිමක සිත්තරෙකුගේ රොමෑන්ටික් සිහිනය කතා තේමාව කොටගත් එම කෘතිය “නෙළුම් යාය” ප්‍රකාශනයකි.

මෙදින එම කෘතිය සම්බන්ධ සංවාද කතිකාවක්ද පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා පැමිණෙන ලෙස සංවිධායකයින් විවෘත ආරාධනයක් සිදුකරයි.