Language Switcher

V2025

ප්‍රවීන ගායන ශිල්පිනී ඉන්ද්‍රානි මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන ගායන ශිල්පිනී ඉන්ද්‍රානි සේනාරත්න මහත්මිය අද දහවල් අභාවප්‍රාප්ත වී ඇත.

හුස්ම ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති ඇය මිය යන විට 83 වියේ පසුවිය.

අභාවප්‍රාප්ත සිසිර සේනාරත්න මහතාගේ බිරිද වන ඇය බුදු ස්වාමිනේ සිරිපා පියුම්, දගකාරයි මං, රතු පාට මල් වැනි ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇත.