Language Switcher

V2025

නව එක්දින හා 20 -20 ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලත් ලංකාව 08 ට

නව එක්දින ශේ්‍්‍රණිගත කිරීම්වලට අනුව පළමු ස්ථානය දිනාගැනීමට එංගලන්තය සමත්ව ඇති අතර එහි දෙවන හා තෙවන ස්ථානයන් හිමිකරගෙන ඇත්තේ ඉන්දියාව සහ ඔ්ස්ටේ‍්‍රලියාවයි.

20 -20 ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය හිමිකරගෙන ඇත්තේ පාකිස්ථානයයි. ලංකාව එහිද 8වැනි ස්ථානයේ පසුවේ.

කෙසේ වුවද ශ‍්‍රී ලංකාවට මෙහි 8වන ස්ථානය හිමිව ඇත.

පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමට අනුව විරාත් කෝලි ඉදිරියෙන්ම සිටින අතර දෙවන ස්ථානයේ පසුවන්නේ රෝහිත් ශර්මායි. එහි තුනවන ස්ථානය තමන් සතු කර ගැනීමට පාකිස්ථාන ක‍්‍රීඩක බාබර් අසාම් සමත්ව ඇත. 20-20 ශ්‍රේණිගත කිරීම්හි අංක එකේ පසුවන්නේද බාබර් අසාම්ය.

මුල් පිතිකරුවන් 30 දෙනා අතරට හෝ පැමිණීමට කිසිදු ලාංකේය පිතිකරුවකු සමත්ව නැති වීමද විශේෂත්වයකි. ඇන්ජලෝ මැතිව්ස් එහි 34 වන ස්ථානයේ පසුවේ.

පන්දු යවන්නන් අතර තව දුරටත් පෙරමුණ ගැනීමට ජස්පිට් බුම්රා සමත්ව සිටියි. නවසීලන්තයේ ට්රෙන්ට් බෝල්ට් සහ පැට් කමිංස් මෙහි දෙවන හා තෙවන ස්ථාන හිමිකරගෙන ඇත.

20 -20 ශ්‍රේණිගත කිරීම්හි අංක 1 හිමිකරගෙන ඇත්තේ රශීඩ් ඛාන්ය.

ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයකු මෙහි 22 වන ස්ථානය හිමි කර ගෙන ඇත. ඒ අකිල ධනංජයයි. ලසිත් මාලිංගට හිමිව ඇත්තේ මෙහි 33වන ස්ථානයයි.

https://www.icc-cricket.com/rankings/mens/player-rankings/test